April 16, 2024

සංගීතයෙන් යුගයක් මුසපත් කළ ආදරණීය ප්‍රින්ස්ගේ මිතුරන් ඔහු ගැන කියන දේ ( Video )

" ඔබ හා ගෙවූ අතීතේ ", " මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා ", " සඳ කුමාරියක් දීගෙක යනවා ", " කැලෑ මලේ කොහේ ගියාදෝ ", " සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ", " මා එදා කියූ දේ ඔබට මතක නැති දෝ " , " පෙම් සිත රිදුණා රත්තරනේ ", " සුදු මල් පොකුරක් අතින් දරා මා " , " මහද ප්‍රේමාදරේ "

මේ ඔහුගේ ගීත, යුග කිහිපයක් රසික සිත් මුසපත් කල කලාකරුවෙක් ඔහු. නමින් ප්‍රින්ස් උදය ප්‍රියන්ත. මේ ගීත අතරින් එකඳු ගීතයකටවටත් අකමැති අයෙක්, ප්‍රතික්ෂේප කරන අයෙක්, නොවිඳ අයෙක් නැති තරම්.

ඔහුගේ කටහඬට තිබුණා ලගන්නාසුළු අපූර්වත්වයක්.

මිනිසුන් ආදරේ කළේ ඔහුගේ කටහඬට පමණක් නොවන බව දැනුනා ඔහුගේ අවමංගල්‍යයට පැමිණි පිරිස කිවූ දහසකුත් දේ ගැන නැවත හිතත්දී...

ඔහුගේ ගීතවලින් සමස්ත පරිසරයම වැහිලා තිබුණා... 

ඔහු මියගිය වගක් නොදැනුනේ, ඔහු ජීවමාන බවම දැනුනේ අපිට පමණක් නොවන බව වැටහුණා එහි පැමිණි ඇය සමඟ කතාකරද්දී.

සුදර්ශී ශාලාවේ තැන්පත් කරලා තියෙද්දී තමයි අපිට මොවුන් මුණගැහුනේ...

මොවුන් ඔහුගේ සමීපතමයන්... ආදරණීය මිත්‍රයන්.... සංවේදී අවස්ථාවක් වුණත් ඔවුන් අපි සමඟ අදහස් දැක්වුවා.

" මං සංගීත ක්ෂේත්‍රයට එන කාලෙමයි ප්‍රින්ස් ආවෙත්, ඔහු මගේ සමකාලීනයෙක්... මට බොහොම සංවේදී මොහොතක්, ඔහු ඇල්පිටියේ, මං කෑගල්ලේ, අපි දෙන්නම බොහොම දුර බැහැර අය. අපි සංගීතේ කලේ හරි අමාරුවෙන්.. ඔහු එක පුරුකක් අපේ කාලේ... " ඒ රාජු බණ්ඩාරයන් තම හඬ අවදිකළ අයුරු..

ඉන්පසු අපි සමඟ කතාකලේ චන්දන හෙට්ටිආරච්චි... 

" මේ වියෝව මට පුදුම දුකක්. ඔහු දක්ෂයෙක්. ඔහු කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණු කෙනෙක්... මාත් එක්කම එකටමයි තරුණ සේවා සභාවේ ඉගනගත්තේ... "

ඉතින් ඔහු ගැන ඔහුගේ මිතුරන් කියූ දේ පහත වීඩියෝව නරඹද්දී ඔබට දැනගන්න පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 June 2017 17:54