April 17, 2024

අසම්මතයේ විවාහයක් - සිංහබාහු සිංහසීවලී අතීතය යළි පණගසයි

සිංහබාහු පුරාවෘතයේ තියෙන්නේ සහෝදරයෙක් සහ සහෝදරියකගේ විවාහයක් ගැන කියලා අතීත ලංකාව ගැන දන්නා හැමෝම දන්නවා. සිංහබාහු සහ සින්හසීවලී කියන්නේ අයියයි නංගියි කියල තමයි පොතපතේ සඳහන් වෙන්නේ. සහෝදරයන් අතර විවාහ කටයුතු අද වගේම එදත් අකැපයි.

ඒ අකැප වීමට හේතුව ශිෂ්ටත්වයට නොගැලපීම වගේම ජීව විද්‍යාත්මකව නොගැළපීම බවත් ඕනෑම කෙනෙක් දන්නවා. තමන්ගේ එකම පවුලේ ලේ නෑයන්ට පවා විවාහ වීමට මේ වෙද්දී අවසර නොදෙන්නේ ලැබෙන දරුවන් ලෙඩුන් වීමට ඇති ඉඩකඩ ඉතාම වැඩි නිසා.

ඉතින් හිතන්නකෝ එකම පවුලේ එකම අම්මා තාත්තගේ දරුවන්ගේ විවාහයක් කියන එක මොනතරම් නොගළපීමක්ද කියලා. 

නොදනුවත්කමකින් මේක වෙන්න පුළුවන්. නමුත් මේ සිදුවීම දැනුවත්කමින් සිද්ධ වුණු දෙයක්. 

මේ නංගිට අවරුදු 21යි. ඇය පොඩි කාලේ ඉඳල හැදිලා තියෙන්නේ වෙනත් නෑදෑ ගෙදරක. මැයගේ සහෝදරයා මැය බැලීමට පොඩි කාලේ ඉඳන්ම එන්න පුරුදුවෙලා ඉඳලා තියනවා.

ඉතින් ඒ නිවසේ අය ඒ පිලිබ්නදව සැකයක් හිතලා නැත්තේ ඔවුන් සහෝදරයන් වීම නිසා.

අතර අයියා හා නංගි එකට ගමන් බිමන් යාම ද ආරම්භ කරලා තියනවා.

 නමුත් පසුව එක දිනක තරුණිය පංති යාමට නිවසින් ගියත් නැවත පැමිණ නැහැ.

පසුව, තමන් කුඩා කල සිට දරුකමට හදාගත් දියණිය ආගිය අතක් නැතැයි එම හදාගත් මව මැයි මාසයේ කැලණිය ප්‍රදේශයේ පොලිසියකට පැමිණිලි කර තිබෙනවා.

පොලිස් පරීක්ෂණ අරඹා තරුණිය ගැන රටේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන්නා.

කෑගල්ල ප්‍රදේශයෙන් ඇයව සොයා ගැනීමට හැකි වූ අතර ඒ වනවිට ඇය තරුණයකු සමග විවාහ වී සිටි අතර ඒ ඇගේ අයියා බව සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිය අනුව මෙවැනි විවාහ තහනම් නිසා අයියා හා නංගි පොලිස් භාරයට ගත් අතර ඉදිරි නීතිමය කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මත කැලණිය කොට්ටාශය විසින් සිදු කරනවා.

Rate this item
(1 Vote)