April 25, 2024

NASA තරඟයකින් ලෝකයෙන්ම අවසන් වටයට තේරුණු මොරටුව සරසවියේ ආඩම්බරකාර පුත්තු

මොරටුවේ කැම්පස් එකේ කොල්ලෝ ටිකක් අලුත් වැඩක් කරලා. අපි මේ කතාකරන්න යන්නේ ඒ ගැන. හැබැයි මේක ලංකාව ඇතුලේ කරපු දෙයක් නම් නෙවෙයි. ඔවුන් ලබාගෙන තියෙන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණයක්. මේ වගේ සිදුවීම් මාධ්‍යයට නිරාවරණය වෙන්නේ නැති නිසාම අපි හිතුවා මේ ගැන කතාකරන්න.

නාසා එකෙන් පවත්වන International Space Apps තරඟයට රටවල් 69කින් ආපු 25,000කට වැඩි පිරිසක් පරදවලා ලෝකයෙන්ම අවසාන වටයට එන්න Team Codon සමත් වෙලා තියෙනවා. මේක පවත්වල තියෙන්නේ 2017 අප්‍රේල් 28 හා 29 දෙදින පුරා ලෝකයේ ස්ථාන 189 ක බව තමයි දැනගන්න ලැබෙන්නේ.

ඊට කලින් කියන්නම් International Space Apps කියන්නේ මොකක්ද කියලා.  

මේක ආරම්භ කරලා තියෙන්නේ 2012 දී. මේක අන්තර්ජාතික මට්ටමේ හැකතොන් එකක්. ඒ කියන්නේ ලෝකයේ ප්‍රධාන නගර ගණනාවක පැය 48ක් පුරා මෙම තරඟය පැවැත්වෙනවා. මෙම තරඟයට සහභාගී වෙන සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ සැබෑ ලෝකයේ තියන ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න. ඉතින් මේ ගැටළුව පෘථිවියේ තියෙන්න ඕනිම ගැටළුවක් නෙවෙයි. මෙය අභ්‍යාවකාශයේ තියෙන ගැටළුවක් වෙන්නත් පුළුවන්. මෙම තරඟයේ විවිධ අංශ තියෙනවා.

එහිදී “ Galatic Impact ” අංශයේ ( විශ්වීය මට්ටමේ බලපෑම් ) අවසාන වටයට එන්න මොරටුවෙන් ඉදිරිපත් වුණු “ Codon ” කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන් එක්ක ඉන්න අනිත කණ්ඩායම් හතරේම ඉන්නේ ඇමරිකාව, සිංගප්පුරුව සහ ස්පාඤ්ඤය වගේ දියුණු රටවලින් ආව ශිෂ්‍යයන් වීමයි මෙහි ඇති සුවිශේෂිත්වය. ඉතින් මේ ගැන අපි Codon කණ්ඩායමේ නායකයා වින්දුල ජයවර්ධන එක්ක කතාකළා.

  •   වින්දුලට අමතරව තව කවුද Team එකේ ඉන්නේ?

අපි 06 දෙනෙක් ඉන්නවා. තරිඳු කුමාරගේ, කාංචන රුවන්පතිරණ, ජනක චතුරංග, චමෝද් වීරසිංහ සහ  නදුන් ඩි සිල්වා

  •  ඔයාලා කැම්පස් එකේ අධ්‍යයනය කරන්නේ මොන විෂය ධාරාවෙන් ද?

අපි පරිඝනක විද්‍යා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉගෙන ගන්න අය.

 

  •  ඇත්තටම මොකක්ද වින්දුල ඔයාලගේ project එකෙන් කරන්නේ?

අපි කරන්නේ සත්ත්ව ජාන සම්ප්‍රේෂණයට මිනිස් බලපෑම්, මිනිස් ජනගහනයේ බලපෑම්, දේශගුණික බලපෑම් එක්ක ජාන සම්ප්‍රේෂණය වෙනස් වෙන්නේ කොහොමද කියල හොයලා බලන එක.

මේකෙන් අපිට පුළුවන් වඳවෙන්න පුළුවන් සත්තු අඳුන ගන්න. මොකද යම්කිසි පරිසරෙකට හැඩගැහෙන්න උන්ට බැරි නම්, ඒ සත්තු ජානමය විදියට වඳවෙන්න පුළුවන්.

එකෙන් අපිට පුළුවන් වඳවෙන්න පුළුවන් සතුන් රැක ගන්න.

අපි මේ ගැන අදහස් ගන්නේ සංක්‍රමණ ක්‍රම ( migration patterns ) මගින්.

මේ දේ හොයාගන්නවට වඩා අපිට කල් ගතවුනේ මේක කරන්න ක්‍රමයක් හොයාගන්න.

  •   කොහොමද මේ තරම් දුරක් ආවේ?

මුලින්ම අපි නාසා ආයතනයෙන් පවත්වපු තරඟයට සහභාගී වෙලා International Space Apps virtual hackthon තරඟයෙන් Virtual event ජයග්‍රහණ කරලා global judging වටයට Global nominee ලෙස තේරී පත් වුණා.

ඉන්පසු අර්ධ අවසාන වටයට තේරී පත්වෙලා Galatic Impact අංශයෙන් අවසාන කණ්ඩායම් පහ අතරට තේරුණා.

අපිත් එක්ක අවසාන වටයට තරඟ කරන්න ඉන්නේ ඇමරිකාව, ස්පාඤ්ඤය සහ සිංගප්පුරුවේ තරඟකරුවන් සහිත කණ්ඩායම් 04ක්.

අපි තමයි අවූරුදු 5ක් ඇතුළත NASA Intrnational Space Apps තරඟ ඉතිහාසයේ  Global judging nominee ලෙස තේරී පත් වූ ශ්‍රී ලාංකික ප්‍රථම කණ්ඩායම, ඒ වගේම දකුණු ආසියාතික කණ්ඩායම් අතුරින් තෙවන කණ්ඩායම.

  •   මේ research එකට මොනතරම් කාලයක් වැය වුනාද?

අපි මාසෙකට වඩා මේ ගැන research ( පර්යේෂණ ) කළා මේ ගැන. නමුත් හැකතෝන් ( Hackothon ) එකේදී පැය 36කින් තමයි මේ Product එක අපි හැදුවේ.

  •  ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද?

අපේ මේ project එක තාමත් ඉවර නැහැ. අපි තව ඒක වැඩිදියුණු කරනවා. ඒ වගේම තව ක්‍රම හොයාගන්නවා මේක වැඩි දියුණු කරන්න පුළුවන් විදියේ.

ඒ හොයාගන්න දේවල් අපි publish කරන්න ඉන්නේ research එකක් විදියට.

ඉතින් අපි සුබ පතනවා වින්දුල ඇතුළු Team Codon සාමාජිකයන් සියලුදෙනාටම ඉදිරියේ දී මීටත් වඩා ජයග්‍රහණ ලංකාවට ගෙන එන්න හැකියාව ලැබෙන්න කියලා.

 

 

 

 

 

 

 

 

 

 

Rate this item
(5 votes)
Last modified on Friday, 09 June 2017 13:04