March 29, 2024

රටේ තැන් තැන්වල පොසොන් සමරපු ලස්සන

පොසොන් පෝය අනිත් හැම පෝයකටම වඩා ලාංකිකයන්ට වටිනන හේතු ගණනාවක් තියනවා. එකල ලාංකිකයන් යක්ෂ ගෝත්‍රිකයන්, නාග ගෝත්‍රිකයන් වගේම දේව  ගෝත්‍රිකයන් ලෙස බෙදිලා හිටියේ. මේ හැමෝටම ආගමක් තිබුනේ නැහැ. ඒ අය වන්දනාමාන කලේ ගස් ගල්වලට, ඉර හඳ තාරකාවලට.  ඉතින් තිස්ස රජතුමාගේ කාලේ මිහිඳු මා හිමියන් ලංකාවට වඩින්නේ මේ වනචාරි හිත්වලට ආගමක් හුරුකරන්න, පස් පවු වලින් මිනිසුන් මුදවන්න. කොටින්ම මිනිසුන්ට මිනිසත්කම ගැන පාඩම් කියල දෙන්න. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ට සත්ව ඝාතනයේ ආදීනව කියල දෙන්න වගේම යහපත් රැකී රක්ෂාවලට ඔවුන් පුරුදු පුහුණු කිරීමත් මේ මහින්දාගමන යේ දි සිද්ධ වුණා.

එදා මෙදා තුර ලංකාවේ බුදුදහම වැළඳගත්තු මිනිස්සුන් මේ දිනය ඇති උත්කර්ෂවත් අන්දමින් සමරුවේ පින් දහම් සිදුකරමින්. ඉතින් මෙවරත් රටේ ජනාධිපති තුමාගේ සිට සෑම පුරවැසියෙක්ම පොසොන් දින උත්සවය සැමරුවේ මෙහෙමයි.

26 වැනි වරටත් සැමරෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාව සහ සදහම් මණ්ඩපය මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ එෛතිහාසික වටදා ගෙය රජ මහා විහාරයේ දී. විහාරගම පුරාණ දක්ෂිණගිරි රාජමහා විහාරාධිපති, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පූජ්‍ය විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ ලෙස වැඩම කර සිටියා.

තුරුණු පොසොන් කලාපය මහරගම තරුණ සේවා සභාව අසල පැවැත්වුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති   නීතිඥ එරන්ද වැලිඅංගේ  විසින් අද පෙරවරුවේ  ධාතූන් වහන්සේලා  ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ නිර්මාණය කර ඇති ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටිය වෙත වැඩම කරවනු ලැබුවා.

එහි පොසොන් කුඩුවක් ද තනා තිබුණු අතර එය රාත්‍රියේ දී ආලෝකමත් කිරීමට නියමිතයි.

පොසොන් පොහොය හා ලෝක පරිසර දිනය නිමිතිකර ගනිමින් ක්‍රියාත්මක වන වැඩසටහන් කිහිපයක් අද දින අනුරාධපුර හා පොළොන්නනරුව ප්‍රදේශයේ දී පැවැත්වුණා.

මේ දවස්වල තිස්සමහාරාමයේ තවත් විශේෂ පුජාවක් සිද්ධ වෙනවා. ඒ දැන් දින තුනක් තිස්සේ සිදුවන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයයි. ඒ සඳහා වෙනදාටත් වඩා විශාල ජනකායක් තිස්සමහාරාම පුද බිමට එක් රැස් වුණා.

දළදා මාලිගාවේ පොසොන් පෙරහැරට ඇතුන් සුදානම් කෙරුනේ මෙහෙමයි.

මීට අමතරව බෙලිඅත්ත ප්‍රදේශයේ විශාල සැණකෙළියක් පොසොන් පෝය නිමිතිකරගෙන අද දින ආරම්භ වී තිබෙනවා. එය දින පහක් පුරා පැවැත්වෙන බව පැවසෙනවා.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම පොසොන් පෝය දිනයේ දන්සල්වල අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. ගංවතුර ආපදාව මෙයට බලපාන්න ඇති. 

කොහොම උනත් අද වෙද්දී මිහිඳු හිමියන් ලංකාව තුල රෝපනය කල දේ ශේෂව පවතිනවාද යන්න සැකයක් පවතිනවා. මොකද මිනිසුන්ගේ දුෂිත ක්‍රියා එන්න එන්නම වැඩිවෙනවා. මෙවැනි පෝය දිනයක් තුළ සැණකෙළි මෙන්ම සැමරීම් උත්සව පවත්වනවාට වඩා වැදගත්වන්නේ එවැනි ධර්ම කාරණා මිනිසුන්ගේ හදවත්වලට ලං කිරීමට උත්සාහ ගැනීමයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 June 2017 20:21