April 24, 2024

කාලයක් තරුණියන්ගේ සිහින කුමරා වී ජීවිතය හැර ගිය ඔහු ගැනයි මේ

අද දහවල් අසහාය ගායකයෙක් වුණු ප්‍රින්ස් උදය ප්‍රියන්ත මිය ගියා. කාලයක් තිස්සේ ඔහු ප්‍රතිකාර ගනිමින් රෝහල් ගත වී සිටියේ. ඔහුට අද වෙද්දී වයස අවුරුදු 45ක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ කාලයක් තරුණියන්ගේ ජීවිතවල සිහින කුමාරයෙක්. ඔහු ගායනා කරන ලද එකඳු ගීයක් වත් ජනප්‍රිය නොවුනා යැයි කියන්න බැහැ. එත් අවසාන කාලයෙදී ඔහු කොතරම් අසරණ වුනාද කියනවනම් ඔහුට බෙහෙත් හේත් ගැනීම සඳහා ඔහු රැකගෙන සිටි ගීත වෙන්දේසි කිරීමටද ඔහුට සිදු වුණා.

ඔහු ගායන කල " මා එදා කියපූ දේ ඔබට මතක නැති දෝ, සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගීත, පෙම්වතුන් සිනාසේ,  ඔබ හමු වූ දිනේ, කඳුළු ගංගා, සිදී මල් පොකුරක් " වැනි ගීත එදා වගේම අදත් ජනප්‍රියයි.

මෑත කාලයක දී ඔහුගේ සඳ රේණු වෑහෙනා ගීතය වෙනත් ආධුනික ගායකයෙක් ඔහුව දැනුවත් නොකර භාවිතා කිරීම හේතුවෙන් ඔහු විශාල සිත් තැවුලකින් මාධ්‍යයට අදහස් දැක්වුවා.

ඔහුව ලඟින් ආශ්‍රය කරන බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ඔහුට අසමසම ගායන හැකියාවක් මෙන්ව ඊට නොදවෙනි අවංක හදවතක් හිමි වූ බවයි.

ඔහු රෝහල් ගත කර තිබුනේ 2016 දෙසැම්බර් මාසේ. ඒ වෙද්දී ඔහුගේ රෝහල් ගත වීමට හේතුව වුනේ උණ රෝගය. ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියත් ඔහුගේ උන රෝගය සුව වුනේ නැහැ. ඔහු එන්න එන්නම දුර්වල වුණා. වෛද්‍යවරු පසුව ප්‍රකාශ කලේ ඔහුගේ මොලයට විසබීජයක් ගිය වග. අවසාන කාලයේ ඔහුට කිසිම දෙයක් කතාකිරීමට වත් හැකියාවක් ලැබී නැහැ.

පසුව ඔහු අසාද්‍ය තත්වයේ පසු වුණු බැවින් ඔහු කොළඹ නවලෝක රෝලටද මාරු කරනු ලැබුවා. ඔහු මිය යනු ලැබුවේ ද එහි බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔහු විවාහ වී නොසිටි බැවින් ඔහුගේ සහෝදරිය තමයි මෙලෙස ඔහුව බලාගත්තේ. ඔහු මෙලෙස රෝගී වෙන්නට හේතුව 2014 ඔහුගේ මෑණියන්ගේ මිය යාම බවයි සහෝදරිය පවසා සිටියේ. ඔහු තමන්ගේ ජීවිතය කරගෙන තිබුනේ ඔහුගේ මෑණියන් බව පැවසු සහෝදරිය වැඩි දුරටත් කියා සිටියේ එතැන් සිට ඔහු කල්පනා කරමින් කල් ගත කල බවයි. එමෙන්ම මෙලෙස රෝගී වීම ඇරඹුණේ ද මවගේ අහාවයෙන් පසුව බවයි ඇය ප්‍රකාශ කලේ.

ඔහු වෙනුවෙන් කලාකරුවන් බොහෝ සංගීත ප්‍රසංග පැවැත්වනු ලැබුවා. ඔහු ආර්ථිකව ඉතාම  අපහසුවෙන් තමයි රෝහල්ගත වී සිටි කාලයේ ප්‍රතිකාර ලබා තිබුනේ. එම නිසා එම මුදල් සියල්ලම ඔහු වෙනුවෙන්ම ඔවුන් යෙදවූවා. නමුත් ඔහුගේ මොලයේ ආසාධිත තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අද ( 08 ) ජීවිතය හැර ගියා.

රටක් පිනවූ ඔහුට අපි නිවන් සුව ප්‍රර්ථනා කරමු.

Rate this item
(5 votes)
Last modified on Thursday, 08 June 2017 14:16