April 19, 2024

ඉන්දියාවේ " බාහුබලි " අභ්‍යාවකාශයේ සිට සෙල්ෆි එවයි

ඉන්දියාව මේ වෙද්දී කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව කලාව අතින් වගේම තාක්ෂනය අතිනුත් ඉතාම ඉහලින් ඉන්න රටක්.

ඉන්දියාවේ ISRO විද්‍යාඥයන් විසින් පසුගිය සඳුදා දියත් කලේ ඉන්දියාවෙන් දියත් කල විශාලතම රොකට්ටුව කියල තමයි දැනගන්නට ලැබෙන්නේ.

එය ඔවුන් නම් කලේ " බාහුබලි " ලෙසින්.

මෙම බාහුබලි රොකට්ටුවේ විශේෂතා කිහිපයක්ම තිබුණා.

මෙම රොකට්ටුව හොඳින් වැඩුණු සද්දන්ත අලි 200කගෙ බරටත් වඩා බර බවයි ඔවුන් පවසන්නේ.

මෙවර මෙම රොකට්ටුව ටොන් 200 ක් බරැති සන්නිවේදන සැටලයිට් ( චන්ද්‍රිකාව ) එකක් සාර්ථක ලෙස රැගෙන යනු ලැබුවා.

මෙම රොකට් එක අවුරුදු 15 ක් තිස්සේ වැඩි දියුණු කරන ලද්දක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඉතින් මේ විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව ඉක්මනින්ම අජඨාකාශගාමියෙක් අභ්‍යාවකාශයට යවන්නලු.

ඉක්මනින්ම කියන්නේ එක අවරුදු 07 කින් වගේ වෙන්නත් පුළුවන් කියල තමයි දැනගන්නට ලැබෙන්නේ.

බාහුබලි රොකට්ටුව දියත් කිරීමට කලින් එය සෙල්ෆි ඡායාරූපයක් ගනු ලබා තිබෙනවා.

ඉතින් ඊට දවස් 2කට පස්සේ අද දින එය අභ්‍යාවකාශයේ සිට එහි සෙල්ෆි ඡායාරූපයක් එවීමට කටයුතුකරලා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 June 2017 22:19