March 29, 2024

බලාගෙනයි : බලු මස් විකිණීමේ ජාවාරමක්?

ඊයේ ලෝක පරිසර දිනය. ලෝක පරිසර දිනය දවසේ ලංකාවේ මැති ඇමතිවරු එම දිනය සමරන්න විවිධ ක්‍රියාවල නිරත වුණා. විවිධ උත්සව සංවිධානය කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි පරිසර ඇමතිතුමා වුනු ජනාධිපතිතුමාත් බුලත්සිංහල ප්‍රදේශයට ගියේ ලෝක පරිසර දින සැමරුමට සමගාමීව සංවිධානය කරපු විශේෂ ශ්‍රමදානයකට . දේශපාලනඥයන් මේ විදියට පරිසර දිනේ සමරද්දී අරලගංවිල - දඹගහුල්පත ජනතාව දිනය සමරුවේ වෙනස්ම විදියකට. මේ කතාකරන්නේ ඔවුන් පිළිබඳව....

අරලගංවිල - දිමුතුගම ගම්වාසීන් මාදුරු ඔය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය හරස්කරලා ඔවුන්ගේ පරිසරය බේරලා දෙන්න කියලා උද්ඝෝෂණය කලෙත් මැති ඇමතිවරු පරිසර දිනය උත්සවාකාරයෙන් සමරපු වෙලාවේම තමයි. ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ ගම ආසන්නයට දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙන් කුණු ගෙනවිත් දමන බවයි. ඔවුන්ට ඇත්තේ කුණු ප්‍රශ්නය පමණක් නම් මොවුන් එය ඉවසාවි.  නමුත් ජනතාව තවත් අමුතු සිදුවීමක් එහි දී අනාවරණය කළා. එනම් සුනඛ හිස්  2000 ක් පමණ මේ වනවිටත් එම කුණු සමග ඇති බව ඔවුන් තම අදහස් දැක්වීමේදී කියා සිටියා.

“ අපි ඉල්ලන්නේ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අපේ දරුවෝ ලෙඩ වෙනවා, වන විනාශය එහෙන් ”

“ ගම්මානයේ ඉඳලා මීටර් 50 ක් වත් නැහැ මේ කුණුවලට, අපිට කාලෙකට කියලා තියෙන්නේ මෙච්චරයි ”

“ ටවුන් එකේ කපනවා ඇත්තේ බල්ලෝ, ඒ කඩවල්වල බලුමස් තමයි විකුණනවා ඇත්තේ ”

ගම්වාසීන් කියන්නේ සුනඛ හිස්කබල් ගෙනවිත් තියෙන්නේ ප්‍රාදේශිය සභා ට්‍රැක්ටර්වලින් කියලා. ඉතින් අපි හොයල බැලුවා මේ ගැන ප්‍රාදේශීය සභාවෙන් මොකද කියන්නේ කියලා. ප්‍රාදේශීය සභා ලේකම්වරිය  P.M. පොඩි මැණිකේ නම් කියන්නේ ඇය මීට විසඳුම් ලබා දෙන බව පොරොන්දු වුණ බවත් ඉන්පසු උද්ඝෝෂකයින් විසිර ගිය බවත් ය.

මහවැලි සංවර්ධන අමාත්‍යංශ හා ජනාධිපති පුද්ගලික ලේකම් මහින්ද රත්නායක මහතා පවසන්නේ මෙහෙම අදහසක්.

“ පාරසරික ගැටළුවලට විසඳුමක් ලෙස කුණු බැහැර කිරීමට ප්‍රාදේශීය සභාවට ඉඩමක් ලබා දී එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා ”

නමුත් මෙම කිසිඳු ප්‍රකාශයක සුනඛ හිස් පිලිබඳ සඳහන් කර නැති බව පෙනී යනවා. මෙය පරිසර දිනයක් තුළ දී අපි වෙනම සිතා බැලිය යුතු කාරණාවක්. ලංකාව වැනි රටක මාංශ ආහාර අනුභවයට තහනම් ඇත්තේ මිනිසුන් මිනිසුන් අතර වීම ඇත්තක්. එහෙත් නිවෙස්වල සුරතලයට ඇතිකරන සතෙකුගේ මාංශ මිනිසුන්ට සඟවා, මිනිසුන් රවටා ආහාරයට ලබා දීම එතරම් සුදුසු දෙයක් වෙන්නේ නැහැ.

ලංකාවේ හෝටල්කරුවන් බලු මස් විකුනනවා යැයි මිනිසුන්ට ඇසුණු ප්‍රථම අවස්තාව මෙය නොවේ. මීට වසර කිහිපයකට පෙර ද මෙවැනි කතාවක් පිළිබඳ විශාල රාවයක් ලංකාවේ දකුණු ප්‍රදේශයෙන් ඇසුණා. නමුත් එය එම කාලයේ ද අදිසි හස්තයකින් යට ගිය බවක් වාර්තා වෙනවා. මෙය ද ඒ ආකාරයෙන් ඇයට ගැසීමේ තැතක් බලධාරීන් ගනු ඇති ප්‍රදේශවාසීන් කියා සිටිනවා. මෙම ස්ථානයට සුනඛ හිස් ගෙනවිත් දැමීමෙන් පමණක් එම ගැටලුවට විසඳුම් ලැබේ යයි විශ්වාස කරන්න බැහැ. ඔවුන් සුනඛ හිස් වළදමා නවත්ත මෙම ජාවාරම සිදු කරාවි. කල යුත්තේ මෙහි ඇත්ත නැත්ත සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමයි.

පරිසර දිනේදී රතු ඉන්දියානු නායක සියැටෙල් මතක් කරමින් සමාජ මාධ්‍ය ජාලවල පළ වූ බොහෝ ලිපි සමඟ මෙම සිදුවීම සංසන්දනය කිරීමේදී මෙකල සියැටෙල් සිටියානම් ඔහුට කුමක් දැනෙනු ඇත්දැයි සිතෙන්නේ ඔහු වොෂින්ටන් නායක තුමාට ලියන ලද ලිපියේ පහත වැකිය දැකීමේදී යි.

“ ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන් දුම් රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගනන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම් රිය වැදගත් වෙන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර් විට මා වනචාරි මිලේඡයෙකු නිසා වීමට පුළුවන ”

ම්ලේච්ඡයන් සිටින්නේ එදා ද අද ද යන්න සිතීමට ඔබට බාර කරමු.

 

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 06 June 2017 15:16