April 19, 2024

ගංවතුර අස්සේ තිස්සෙන් මැණික් මතුවේ

තිස්සමහාරාමයේ සඳුන්ගම ග්‍රාමයේ මැණික් ඉල්ලමක් මතුවෙලා තිබුනේ පසුගිය 28 වැනිදා.

මේ මැණික් ඉල්ලම අහුවෙලා තිබුනේ එම ස්ථානයේ නව බෝක්කුවක් සැදීමට වලවල් කපමින් සිටින පිරිසකට බවයි දැනගන්නට ලැබෙන්නේ.

හරියටම තැන කියනවනම් තිස්සමහාරාමයේ සිට බෙරලිහෙල මාර්ගය ඔස්සේ සඳුන්ගමට පැමිණීමේදී හමුවන " මැණික් පාලම " අසල තමයි මෙය තියෙන්නේ.

මෙතනට මැණික් පාලම කියල කියන්නත් හේතුවක් තියෙන්න ඇති.

එත් මෙවැනි මැණික් ඉල්ලමක් මෙම ග්‍රාමයෙන් දක්නට ලැබුණු  පළමුවැනි අවස්ථාව මෙය බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම ස්ථානයේ ඇති කුඹුරක අයිතිය එම ග්‍රාමයේ ග්‍රාමනිලධාරීතුමා සතු බවත් පැවසෙනවා.

කෙසේ නමුත් මෙම බෝක්කුව සැදීම තාවකාලිකව නවතා ඇති අතර එම ප්‍රදේශයට ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබෙනවා.

මෙතරම් ගංවතුර ආපදා තත්වයක් තිබුනද මෙහි මැණික් ඉල්ලම සෙවීමට බොහෝ මිනිසුන් පැමිණි වග දැනගන්නට ලැබෙනවා. ආරක්ෂාව ලබා දී තිබුනද පසුගිය දිනක එම ප්‍රදේශයෙන් විශාල  පස් කුට්ටියක් රැගෙන පිරිසක් ගොස් ඇති අතර ඒ කවුරුන් ද යන්න තවමත් සොයාගෙන නැහැ.

ගංවතුර, නායයෑම් වැනි අපදා තත්වයකදී මෙවන් දේවල් සිදුවිය හැකි බව පැවසෙනවා.

එනම්, පස ස්තර ගණනාවකින් යුක්තව පවතින අතර, මෙවන් දරුණු භූ ගෝලීය ඛාදනයකදී ඉහලින් ඇති පස් ස්තර කැඩී බිඳී යාම නිසා පහලින් පවතින පස් ස්තර මෙලෙස ඉහලට මතුවීමට ඉඩ තියනවා.

මැණික් සැදීම සිදුවනුයේ  පස තුල තැන්පත්ව ඇති “කාබන්” නමැති රසායනිකය වසර දස දහස් ගණනක් අධික පිඩනයට සහ උෂ්ණත්වයට ලක්වීමෙන්. ඉතින්  ඒවා අනිවාර්යෙන්ම තිබෙනුයේ පොලව මතුපිට ඇති පස් ස්තරයන්ට වඩා ස්තර ගණනක් යටින්.

ඉතින් මේ මැණික් ඉල්ලමේ කතාවේ සත්‍යතාවක් පවතින්න පුළුවන්.

කොහොම උනත් මේ වගේ ආපාදා තත්වයකදී සොබාදහම මිනිසුන්ට මෙවැනි උපකාර ලබා දීම නම් ඔවුන්ගේ පිනකටම සිදු වුවක් වෙන්න පුළුවන්.

Rate this item
(1 Vote)