April 25, 2024

ගයාත්‍රී චන්න ආරවුලක් ? ගයාත්‍රී දියණියන් දෙදෙනා සමඟ කැනඩාවේ පදිංචියට යයි

ගයාත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්, ඇය චන්න පෙරේරාගේ ආදරණීය බිරිඳ.

නමුත් ටික කාලයක සිට ඇයගේ සහ චන්න පෙරේරා අතර එතරම් හොඳ සම්බන්ධකමක් නැති බව තමයි කනින් කොනින් ආරංචි ලැබුනේ.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය මීට සති කිහිපයකට පෙර මාධ්‍යට කියා තිබුනේ ඇය ඇයගේ මව සහ නැගණිය සමඟ  විදෙස්ගත වීමට තීරණය කර ඇති බවයි.

මේ පිලිබඳ සමාජ මාධ්‍යවල විවිධ කතා හුවමාරු වූ අතර බොහෝ දෙනා කියා සිටියේ එය චන්න සහ ගයත්‍රී අතර ආරවුලක් නිසා සිදුවන බවයි.

මේ පිළිබඳව ගයත්‍රී කිසිවක් ප්‍රකාශ නොකලත් ඇය මෑත සති අන්ත  පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ තම දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට යාමට බලාපොරොත්තුවන බවයි.

ඇය රට  හැර ගිය පසු රූපලාවන්‍යාගාරයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

දියණියන් දෙදෙනා ලබන අගෝස්තු මාසයේ කැනඩාවට යාමට බලාපොරොත්තුවන බවත් ගයාත්‍රී ද  ඔවුන් සමඟ යන බවත් කියා තිබෙනවා.

කෙසේ නමුත් මෙම ගමනට චන්න සහභාගීවන බවක් ඇය සඳහන් කර නැහැ.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය කියා සිටියේ තමා නැවත ලංකාවට නොපැමිණෙන බවත්, තාත්තා තනිකර යාමට සිදුවීම පිලිබඳ ඇය දුක්වන බවත් ය.

ගයත්‍රී මේ දිනවල තමා භාරගත් වැඩ අවසන් කරමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 05 June 2017 11:50