April 20, 2024

සුපිරි නළුවාගේ මරණයේ කටකතාවේ ඇත්ත නැත්ත

51 වියැති ඔහු තරම් සුන්දර මිනිසෙක් මුළු ඉන්දියාවේම නැති තරම්.

ඔහු වයසට යන එක පවා මිනිසුන්ට දරාගන්න බැහැ, ඉතින් ඔහුගේ මරණය ? එය මිනිසුන්ට කොහොම බලපායිද?

මේ ලඟදි ඔහු අඳුරු කතා පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වෙලා ( Victim of a death hoax ) .

ඔහු මියගිය පුවත ඉන්දියාවේ විශාල කැළඹීමක් ඇතිකරන ලද්දක් වූ නිසා මුම්බායි පොලිස් කමිෂනර් දිවාන් බාර්ති ප්‍රකාශයක් නිකුත් කරමින් කියල තියෙන්නේ, ඔහු ශරුක් ඛාන් ගේ ප්‍රධාන ලේකම් ට කතාකල බවත් එම සිද්ධිය මුසාවක් බවත්.

ශාරුක් මේ දවස්වල අලුත් ෆිල්ම් එකක වැඩවලට හිරවෙලා, අනුෂ්කා ශර්මා එහි ප්‍රධාන නිලි චරිතයට පණ පොවනවලු. මේ නිසා ඔහු අවිවේකි බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ සිදුවීම මුලින් ඔහු දන ඉඳලත් නැහැ.

නමුත් ඔහු පසුව එම සිදුවීම මුසාවක් බව පවසමින් තම ට්විට්ර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍ය නිලි ස්වේතා තිවාරිට ද මෙවැනිම සිදුවීම් තුනකට මුහුණ පාන්න වෙලා.

නමුත් ඇය පවසන්නේ එය දැන් ඇයට හුරු පුරුදු වුවක් බවයි, එමෙන්ම තමන් වෙනදාටත් වඩා සනීපයෙන් ඉන්නා බවයි.

Rate this item
(1 Vote)