April 24, 2024

මෙහෙමත් පච්චා පිස්සුවක්

Moana ෆිල්ම් එක බලලා තියනවද? අර හුරතල කෙල්ලෙක් ඉන්න ෆිල්ම් එක...? ඒ ෆිල්ම් එකේ මෝයි කියන චරිතය මතකද? ලොකු ඇඟක් තියන ඇඟ පුරාම පච්ච ගහගෙන ඉන්නේ? ඒ පච්ච කතාකරනවා, පාර පෙන්වනවා.

මෝයි වගේ චරිතයක් ඉන්නවා බ්‍රිතාන්‍යයේ. ඒ Mathew Wallen....

Mathew Wellen කියන්නේ මහා පුදුම ආශාවක් තියෙන මනුස්සයෙක්.

ඔහු ඔහුගේ ජීවිතේම කරගෙන ඉන්නේත් ඔහු වැඩිපුරම වියදම් කරන්නෙත් පච්ච වෙනුවෙන්.

ඔහුගේ මුළු ඇඟේම පච්ච තියනවා.

මුලින්ම එක පච්චයකින් දෙකකින් සැහීමකට පත් නොවුණු ඔහු දිගින් දිගටම පච්ච ගහන්න පටන් අරන්.

දැන් ඔහුගේ ඇඟේ පච්චා 300ක් පමණ තියෙනවා.

ඔහුගේ ඇඟේ කිසිම තැනක් පච්චා නොගසපු තැනක් නැහැ. ඔහුගේ ඇස දෙකේ පවා පච්චා කොටලා තියනවා. 

මේ වෙද්දී පච්චා කියන්නේ ලංකාවෙත් ගැහැණු පිරිමි භේදයක් නැතිව භාවිත කරන ශරීර සැරසිල්ලක් වෙලා..

එත් ඉතින් පච්චා වලින් වාර්තා තියපු මොහු පරද්දන එක නම් ලේසිවෙන එකක් නැහැ....

Rate this item
(2 votes)