April 24, 2024

ගැහැණුන් හතකගේ සැමියා වුණු කෝටිපති සල්ලාලයාගේ ජුගුප්සාජනක ඇත්ත කතාව

ලංකාවේ නීතියට අනුවනම් එක්වරක එක් පුද්ගලයෙක්ට විවාහ වෙන්න පුළුවන් එක් අයෙක් සමග පමණයි.

කෙතරම් මිල මුදල් තිබුනත් එම නීතිය සියල්ලන්ටම පොදුයි.

නමුත් අනියම් බිරින්දෑවරු තබා ගැනීම කෙනෙක්ට කරන්න පුළුවන්.

තමන්ගේ විවාහක බිරිඳ ඇරුණුකොට තවත් අනියම් බිරින්දෑවරු සය (06) දෙනෙක් සමඟ ජීවත්වෙන අපුරු කෝටිපතියෙක් ගැන පසුගියදා මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

පසුව මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමේදී  අනාවරණය වී ඇත්තේ ඔහු එය ප්‍රසිද්ධියේ කරගෙන යන බවයි. එමෙන්ම ඔහුගේ නීත්‍යානුකුල බිරිඳ මේ වනවිට ඔහුගෙන් දික්කසාද වී ඇති බවත්, ඔහු අනියම් බිරිඳ කරගනු ලබන තරුණිය එම නිවසෙහි රඳවාගෙන සිටින බවත් ඇය ගැබිනියක් වූ විගස එම තරුණිය නිවසින් පළවාහැර නව තරුණියක් එම නිවසට ගෙන්වාගන්නා බවත් දැනගන්නට ලැබෙනවා.

මෙය ඔප්පු වී ඇත්තේ ඔහුගේ සිව්වැනි අනියම් බිරිඳ පොලිසියට කල පැමිණිල්ලක් හේතුවෙන්.

පසුව පොලිසිය ඔහුට පොලිසියට පැමිණෙන ලෙස නියෝග කර ඇති බවත් ඔහු පොලිසියට පැමිණ ඇත්තේ ඔහුගේ සයවැනි අනියම් බිරිඳ සමග බවත් දැනගන්නට ලැබෙනවා.

අයත් ගැබිනියක්, ඒ විතරක් නොවෙයි ඔහු තමාට අනියම් බිරින්දෑවරුන් සයක් සිටින බව පිලි අරන් තිබෙනවා. 

මෙම කෝටිපති ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක අයිතිකරුවෙක් බවත් දැනගන්නට ලැබෙනවා.

මොහුගේ නීත්‍යානුකුල බිරිඳට දරුවන් දෙදෙනෙක් ද, පළමුවැනි ,තුන්වැනි බිරින්දෑවරුන්ට දරුවන් දෙදෙනා බැගින් ද, දෙවැනි හා සිවුවැනි බිරින්දෑවරුනට දරුවෙක් බැගින් ද ඉන්නවා.

ඔහුගේ සයවැනි අනියම් බිරිඳ ගැබිනියක් බවත් දැනට ඔහු ජීවත්වන්නේ ඇය සමඟ බවත් ඔහු බොරැල්ල පොලිසියට කියා තිබෙනවා.

ඔහු එම අවස්තාවේදී තමා වරදක් කර ඇතැයි යන්න පිලිබඳ කිසිම විදියකින් කණගාටු වීමක් පල කර නොමැති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

Rate this item
(5 votes)
Last modified on Friday, 02 June 2017 16:56