April 25, 2024

දීපු ආධාර පවා ප්‍රතික්ෂේප කරපු මාතර අම්මාගේ සංවේදී කතාව

ගංවතුරෙන් අවතැන් වූ  ජනතාවට ආධාර බෙදා දීම තවමත් රට පුරාම කෙරීගෙන යනවා.

මේ අතර තුරේ දී ඉතාම සංවේදී කතාවක් මාතර ප්‍රදේශයෙන් අපිට ඇහුණා.

මාතර ආධාර බෙදා දීමට පැමිණි සහන යාත්‍රාවේ කිහිපදෙනෙක්ට තමයි මේ සිදු වීම වෙලා තියෙන්නේ.

මේ අතර ජාතික තරුන සේවා සභාවේ සභාපතිවරයා ද සිටියා.

එක වයස්ගත මවක් කිසිසේත්ම මෙම ආධාර ලබා ගැනීම ප්‍රතික්ෂේපකර තිබෙනවා.

එයට හේතුව ඇයගෙන් විමසා සිටිවිට ඇය ප්‍රකාශ කර ඇත්තේ ඇයට එම ආධාර ඔසවාගෙන යාමට නොහැකි බවයි.

එයට සංවේදී වූ සභාපති එරන්ද වලිංගගේ මහතා ඇතුළු පිරිසට එම මාතාව ජීවත් වෙන්නේ අඩි 5ක් පමණ කුඩා බිම් ප්‍රමාණයක බැවි දැනගන්නට හැකිවෙලා තිබෙනවා.

ඇය තනිවම ඉතාම අසරණ තත්වයෙන් ජිවත් වන බවයි ඔවුන්ට දැකගන්නට ලැබී ඇත්තේ.

දරුවන් කිහිපදෙනෙකුගේම මෑණියන් වූ ඇයට අද වන විට මෙලෙස අසරණව ජීවිතය ගෙනියාමට සිදු වී ඇත්තේ දරුවන්ගේ නොසැලකිලිමත් කමින් බව ගම්වාසීන් පවසනවා.

ඇය වෙනුවෙන් එම අවස්ථාවේ කිරීමට වෙන කිසිවක් නොමැති බැවින් තමන්ගේ මුදල් පසුම්බියේ ඇති මුදල් යට ලබා දීමට ඔවුන් ක්‍රියා කර ඇති බව වාර්තා වෙනවා.

මෙවැනි මවුවරුන් අසරණ වීමට ක්‍රියා කර ඇති දරුවන්ට නීති පැනවිය යුතු බව මින් පෙර දීද මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් ඇති වුණා.

Rate this item
(0 votes)