April 20, 2024

වැදි නායකවරු අතර ගැටුමක්

ආදී වාසීන් අතරත් මේ වනවිට විශාල ගැටළු රාශියකට මුහුණ දීලා.

පොල්ලොබැද්දේ ආදී වාසී වැදිනායක ගොඹලා ඇත්තන්ට ගැටළුවක් මුහුණ පාලා.

ගෝඹලා ඇත්තෝ ආදි වාසී  නායක වන්නිලෑඇත්තන්ට චෝදනා කරන්නේ පොල්ලොබැද්දේ ආදිවාසීන් පිළිබඳ අවධානය යොමු නොකරන බව පවසමින්.

මාධ්‍ය  පවසන්නේ පොල්ලොබැද්දේ ආදිවාසී නායක ගෝඹලා ඇත්තෝ බරපතළ ලෙස රෝගාතුරව නිවසටවී අසරණව වැතිරී සිටින බවයි.

ඇස්⁣ පෙනීම ද දුර්වලව ඇතත් ඔහුගේ කන් ඇසීම  හොඳ තත්ත්වයක පවතං බව අසල්වාසීන් පවසනවා.

බිංගොඩ ජීවත්වූ වැදි පවුල් 5ක් පමණ පොල්ලොබැද්දට පැමිණ පදිංචිවන විට  තමන් අවුරුදු දහයක දොළහක ළමයෙක් බව ගෝඹලා ඇත්තෝ කියනවා.

ගෝඹලා ඇත්තෝ දැනට අසූවියද ඉක්මවා ඇති බව ඥාතීන් පවසනවා.

"...අපේ රැහේ නායකයා වන්නිලෑඇත්තෝ . දැන් අපි ගැන  සොයා බලන්නේ නෑ.. අපේම රැහේ උන් මා බලන්ට එන ඇත්තන්ට බොරුබේගල් කියා දැන් නායක ඇත්තෝ තමුන් බව කියා ලැබෙනදේත් වලක්වනවා...."

ගෝඹලා ඇත්තෝ එලෙස මාධ්‍යයට පවසා තිබුණා.

 

Rate this item
(0 votes)