March 29, 2024

උමාලි ලංකාවට ආවේ සාරංගට දික්කසාදය දෙන්න?

සාරංග - උමාලි යුවල ආදරණීය පෙම් යුවළක් ලෙස මීට කාලෙකට පෙර රසිකයින් අතර ජනප්‍රිය වී සිටියද, එම යුවලගේ ආදරණීය කැදැල්ල මේ වන විට විසිරී හමාරය. එයට හේතුව ධනුක නම් පුද්ගලයෙකු මොවුන් දෙදනා අතරට පැමිණීම බව කවුරුත් දන්නා කරුණකි.
 
මීට පෙර සාරංග දිසාසේකර පරණ මතක අලුත් කරමින් ෆේස්බුක් ගිණුම තුළ සඳකැන් වැටිලා ගීතය පිළිබඳ සටහනක් දමා ඇත්තේ ඔහුටත් එවැනිම අත්දැකීමකට මුහුණු දුන් නිසා බව දන්නෝ දනිති.
 
උමාලිගේ සහ සාරංගගේ විවාහය දෙදරායාමත් සමඟ සාරංග දික්කසාද නඩුවක් ගොනු කළද එම නඩුව විභාග කිරීමට නොවූයේ උමාලි ශ්‍රී ලංකාවේ නොසිටි නිසාය. කෙසේ වුවද උමාලි මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. (ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේද ඇය ඡයාරූපයක් පළ කර ඇත) උමාලිගේ මෙලෙස ලංකාවට පැමිණ ඇත්තේ සාරංගට දික්කසාදය ලබා දීමට යැයි ඇතැමුන් විශ්වාස කරන අතර ඇතැමුන් පවසන්නේ ඒ රයිගම ටෙලි සම්මාන උලෙළ නිසා බවයි.
 
මේ අතර "ෆීල්ඩ් එකේ අවුලක් නැතුව නම තියාගත්තු සාරංගව දාලා උමාලි උඹත් එක්ක ආවනම්..  උඹට මොන කතාද" යැයි කියමින් ධනුකගේ හිත මිතුරාදීන් උසුළු විසුළු කරන බවද පැවසේ.
 
කෙසේ වුවද උමාලි සහ ධනුකගේ සම්බන්ධකමින් හොදටම මට්ටු වී සිටි සාරංග දික්කසාද නඩුව දැමූ පසු මිටින් හළ කුරුල්ලෙක් මෙන් සතුටින් සිටින බවද වාර්තා වෙයි.
 
 
 
 
 
 
 
 
 
Rate this item
(2 votes)
Last modified on Thursday, 01 June 2017 16:45