April 17, 2024

නාසා එකෙන් හදපු " හිරු යානයෙන් " ඉරට යමු

නාසා ආයතනය ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලන්න සූදානම් බව දැනගන්නට ලැබෙනවා.

සූර්යයාට අයත් වායුගෝලයට කෙළින්ම ගමන් ගන්නා යානයක් නිර්මාණය කිරීමේ සවිස්තරාත්මක සැලැස්මක් 'නාසා' (NASA) ඇමෙරිකානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනු ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

2018 වසරේ අභ්‍යවකාශ ගත කරනු ලැබීමට සැලසුම් කෙරෙන මෙම 'හිරු යානය' නම් කරනු ලැබ තිබෙන්නේ සෝලාර්+ (Solar Plus) යනුවෙන්.

සෝලාර්+ (Solar Plus) යානය සූර්යයාගේ සිට කිලෝමීටර් හැට ලක්ෂයක් පමණ ඈත කක්ෂයක ගමන් ගන්නා බව 'නාසා' ආයතනය පවසන අතර සෙල්සියස් අංශක 1300 කටත් වඩා අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට සෝලාර්+ (Solar Plus) යානයේ බාහිර පලකවලට සිදුවන බව ඔවුන් පවසා සිටිනවා.

චන්ද්‍රිකා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන කාරණයට අදාළ භෞතික විද්‍යාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ ඉතා වැදගත් නිරීක්ෂණයක සෝලාර්+ (Solar Plus) යානය නිරත කෙරෙන බව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 'නාසා' ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙනවා,

එම නිරීක්ෂණය මගින් සොයාගනු ලබන දත්ත සහ තොරතුරු පෘථිවියේ උපත සනිටුහන් කළ විකිරණ පිපිරීම් සහ අපට ආලෝකය ලැබෙන මාර්ග පිළිබඳව විද්‍යාඥයන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන බවත් නාසා ආයතනය පවසනවා.

එමෙන්ම මේ පිළිබඳව විචාරකයන්ගේ අදහස නම් මෙය මානවයාගේ ඉතිහාස පොතේ නව පිටුවක් පෙරලන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බවයි.

 

 

Rate this item
(2 votes)