April 25, 2024

බොරුවට පියයුරු සැත්කම් කළ පිස්සු දොස්තරට සිර දඬුවම්

පියයුරු පිළිකාවක් ඇති මිනිසුන් රවටමින් ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

ඔහු අනවශ්‍ය පරිදි පියයුරු සැත්කම් සිදුකිරීම හේතුවෙන් වසර පහළොවක සිර දඬුවමක් ඔහුට නියම වූ බව දැනගන්නටලැබෙනවා.

පීටර්සන් විසින් කාන්තාවන් නවදෙනෙකු සහ එක් පුරුෂයෙකු සැත්කම්වලට භාජනය කරනු ලැබ ඇත්තේ ඔවුනට පියයුරු පිළිකා වැළඳී ඇති බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් බවත් එම සියලුම පිරිස ඔහුගේ එම බසට රැවටී නිරපරාදේ තම ශරීරුයට තුවාල සිදුකරගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම වෛද්‍යවරයාට එරෙහිව ගොනුකළ නඩු විභාගයක දී සනාථ වී ඇත්තේ අවස්ථා 17කදී හිතාමතා තුවාල සිදුකර ඇති බවයි.

ඊට අමතරව තුන් වතාවක් නීතිවිරෝධී ලෙස තුවාල සිදුකර ඇති බව ද අධිකරණයේ දී ඔප්පු වෙලා තියනවා.

"මුදල් ලබා ගැනීමේ පහත් චේතනාවෙන්" මෙම වෛද්‍යවරයා ක්‍රියා කර ඇතිබව අධිකරණයට පැමිණිලි කරන පිරිස කියා ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙම නඩු විභාගයේදී තොරතුරු ලබාදුන් වින්දිතයන් දසදෙනාට සැත්කම් සිදුකර ඇත්තේ වසර 1997ත් 2011ත් අතර කාලය තුළදී  බවත්  සියලු සැත්කම් සිදුකර ඇත්තේ එංගලන්තයේ පෞද්ගලික රෝහලකදී බවත් සොයා ගෙන තිබෙනවා.

මුලින් මොහුට මානසික රෝගයක් ඇති බව බොහෝ පිරිස් කියා සිටියද පසුව සොයා ගෙන ඇත්තේ මුදල් ලබා ගැනීම පටු අරමුණින් මෙය සිදු කර ඇති බවයි.

මෙම වෛද්‍යවරයාගේ ඡායාරුපයක් පහත දැක්වෙනවා.

Rate this item
(1 Vote)