April 19, 2024

ආයෙමත් ඩෙංගු එනවා - අවධානයෙන් හිඳින්න

ගං වතුර උවදුර  සමස්ත ලංකාවේ ම ජන ජීවිත අවුල් කරලා.

මේ වනවිට ගංවතුර තත්වය යම් තාක් දුරට පහව ගියත්, පශ්චාත් ගංවතුර තත්වයට මුහුණ දීම එතරම් පහසු කාරයක් වන එකක් නම් නැහැ.

විශාලම ගැටලුව වන්නේ බෝ වන රෝග වසංගතයට මිනිසුන්ට මුහුණ දීමට සිදු වීම.

ඒ විතරක් ද ගංවතුර පැමිණීමටත් පෙර සිටම පවතී ඩෙංගු වසංගතය මේ සමගින් හිස එසවීම සිදු වෙන්න පුළුවන්.

ගංවතුර බැස යාමෙන් අනතුරුව ඩෙංගු ඇතුළු වසංගත රෝග ව්‍යාප්ත වියහැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවනවා.

ඒ සඳහා රජය වැඩපිළිවෙලක් යෝජනා කරලා තියනවා.

සෑම සතියකම සිකුරාදා දිනයන්හි පැයක කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සිය පරිශ්‍රය පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරමින් දන්වා සිටිනවා.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ අද (ජුනි 01) ආරම්භවීමට නියමිත තුන් මාසික, ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනක එක් පියවරක් වශයෙන් බවයි දැනගන්න ලැබෙන්නේ.

ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් පද්ධතිය පිරිසිදු කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ යුතු බව.

නිවාස පරිශ්‍ර පවා සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

හදිසි ආපදාවට ලක්නොවූ දිස්ත්‍රික්ක 07ක මෙම ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පළමුව ක්‍රියාත්මක කෙරෙනවා.

2017 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53000ක් වාර්තා වී ඇති බවත් 150 දෙනෙකු මිය ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

Rate this item
(1 Vote)