April 20, 2024

ඇමරිකානු කෙල්ලෙක් ලාංකේය උරුමය රකින්න හදපු ඇමරිකානු කෞතුකාගාරය

ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට ඇමරිකානු තරුණියක් ක්‍රියා කරලා.

18 හැවිරිදි ජූලියා විජේසිංහ  නම් මෙම තරුණිය ඉතාම සුන්දර සහ බුද්ධිමත් තරුණියක්.

ඇය ඇමරිකාවේ ඉන්නේ ඉපදුනු දවසේ ඉඳන් ම උනත්, ඇය ලංකාව පිලිබඳ සහ ලාංකේය සංස්කෘතිය පිළිබඳව බොහොම ඇල්මක් කුඩා කල සිට පැවතුනු බව ඇයගේ පියා පවසනවා.

උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුණු ඇගේ පියා නම් ලාංකිකයෙක්.

ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙක් බව සඳහන් වෙනවා.


සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර ලොව පුරා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව ද වාර්තා වෙනවා.

සිය දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් වසර කිහිපයක් පුරා ඇය මේ සංස්කෘතික සහ කලා කෞතුකාගාරය අවැසි දෑ එකතුකරගෙන තිබෙනවා. එය ඇය කෙතරම් උනන්දුවෙන් කර ඇත්දැයි එම එකතුව පිරික්සීමේදී දැකගන්න පුළුවන්.

සර්ව ආගමික ආශිවාදයන් සහ සෙත් පිරිත් සජ්ජායනයන් මැද මෙම කෞතුකාගාරය විවෘත කල ආකාරය දැක්වෙන වීඩියෝවක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 June 2017 00:51