March 29, 2024

ජෝන් ඇමතිතුමාගේ මේ මාසේ පඩිය ගංවතුරෙන් අවතැන් වූ මිනිසුන් වෙනුවෙන්ලු

ගංවතුර නිසා ලංකාවේ බොහෝ දෙනෙක් අවතැන් වෙලා, සමහර පවුල්වල කිහිපදෙනෙක් අතුරුදහන් වෙලා, තවත් පිරිසක් මිය ගිහින්.

ඇත්තටම මේ කාලේ රටේ ව්‍යසන තත්වයක් තමයි පවතින්නේ.

මේ වගේ කාලෙක රටේ දේශපාලනඥයන් ගැන සමාජ මාධ්‍යවල වගේම අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් අහන්න දකින්න තියන දේවල් ඒ තරම් හොඳ නැහැ.

එත් ගන්වතුරත් එක්කම දේශපාලනඥයන ගැන මිනිසුන්ට කතකරන හොඳ දේවල් ටිකක් ඉතිරිවෙලා වගේ.

පාලිත තෙවරප්පෙරුම පිලිබඳ විශාල කතිකාවක් මාධ්‍ය තුල යන අතරේ ජෝන් අමරතුන්ගත් තමන්ගේ පඩිය අසරණ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව මාධ්‍යයට දැනුම් දීලා.

මෙය ඉල්ලා තිබෙන්නේ ජනාධිපති තුමා විසින්ලු.

ජනාධිපති තුමා සෑම දේශපාලනඥයෙක්ම හැකිනම් තමන්ගේ පඩියෙන් භාගයක් මේ වෙනුවෙන් වෙන්කරන ලෙස ඉල්ලා තිබෙන බවත්,තමන් තමන්ගේ මේ මස සම්පුර්නම පඩිය මේ වෙනුවෙන් වැයකරන බවත් මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ විවේචන එල්ලවන අතර, සමහර පුද්ගලයන් මෙම ක්‍රියාව ප්‍රසංශාවට බඳුන් කර ඇති අතර, තවත් සමහර අය මොවුන්ගේ එක මසක පඩිය පමණක් ලබාදී මදි බව පවසනවා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 May 2017 11:43