March 28, 2024

ක්‍රිස් කොනල් ගෙල වැළලා ගෙන

ජනප්‍රිය බටහිර ගායක ක්‍රිස් කොනෙල් ගෙල වැල ලා ගෙන සියදිවි නසා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කොනෙල් ඩිට්රොයිට්යි පිහිටි සිය නිවසේ නාන කාමරය තුළදී එලෙස සියදිවි නසා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු ඉපිද ඇත්තේ 1964 ජුළි 20 වැනි දා ය.

52 හැවිරිදි කොනෙල් සිය ‘Soundgarden’ සංගීත කණ්ඩයම සමග පසුගිය බදාදා සන්ද්‍යාවේ ප්‍රංසගයකයට සහභාගීවීමෙන් පසු නිවසට පැමිණ එලෙස සිය දිවි නසා ගෙන තිබෙනවා.

මේ අතර කොනෙල්ගේ නියෝජිත බ්‍රයන් බ්‍රම්බ්‍රි පවසා ඇත්තේ, කොනෙල්ගේ වියෝව අනපේක්ෂිත අයුරින් ක්ෂණිකව සිදුවූවක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු හෙළි වී නැහැ.

ඩිට්රොයිට්යිහි පොලීසිය විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ලද දුරකතන ඇමතුමක් මත එදින මාධ්‍යම රාත්‍රියේ සිය නිලධාරීන් කොනෙල්ගේ නිවසට පිටත්ව ගිය බවත් එම අවස්ථාව වන විටත් කොනෙල් ජීවිතයෙන් සමුගෙන සිට ඇති බවත් ය.

කොනෙල් මිය යන විට ගීත ඇල්බම 4ක් නිකුත් කර ඇති අතර ‘Higher Truth’ කොනෙල් මෑතකදී නිකුත් කළ සංගීත ඇල්බමයයි.

‘You Know My Name’ කොනෙල්ගේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වන අතර එය ඩැනියෙල් ක්‍රෙග් රංගනයෙන් දායක වූ Casino Royale චිත්‍රපටයේ තේමා ගීතයයි.

Rate this item
(0 votes)