April 25, 2024

ගංවතුරේ මදි නොකියන්න නා ගත් ස්වර්ණවාහිනියේ රහල් අල්විස් ( බුකිය කලඹන අලුත්ම වීඩියෝව )

රහල් අල්විස් ගංවතුරට අහුවෙලා ද? නැහැ. ගංවතුරට අහු වුනු මිනිස්සුන්ට අහුවෙලා.

මේ වනවිට රට පුරාම ගංවතුර ආධාර ලබා දෙනවා. සහනාධාර ලබාදීම්, රජයට අමතරව රටේ වගකිවයුතු මාධ්‍යවලින් සිදුකරනවා.

ඒ අතර තුර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ චාට් ෂෝ එකක් කරනවා, රහල් අල්විස් සහ කාවින්ද්‍යා අධිකාරි.

වැඩසටහන මැද්දේ ප්‍රේක්ෂකයෙක්  දුරකතනයෙන් සම්බන්ධ වෙලා රහල්ගෙන් ප්‍රශ්නයක් අහනවා.

" මේ වගේ ගංවතුරක් අස්සේ චාට් ෂෝ එකක් කරන එක හරිද?" කියලා.

ඔහු එයට බොහොම නොඉවසිලිවන්ත ලෙස පිළිතුරු දෙනවා.

ඔහු කියනව, ඔහුට එම ප්‍රේක්ෂිකාවගේ මානසිකත්වය තේරෙන බවත්, මොන දේ වුණත් නාලිකාව පවත්වාගෙන යායුතු බවත්, ඔහුව තරහ ගැස්සීමෙන් වැළකෙන ලෙසත්. එමෙන්ම මොන දේ වුණත් බත් කන එක නවත්තන්නේ නැති ලෙසම, වැඩසටහන් ද නවත්වන්නේ නැති බව ඔහු කියයි.

මෙය බුකිය තුළ ගංවතුර විපතට වඩා වේගයෙන් හුවමාරු වන පුවතක් වෙලා.

ඒ විතරක් නෙවෙයි , මේ වෙද්දී බොහෝ පිරිස් මෙම නාලිකාව සහ මෙම නිවේදකයාව තරයේ හෙලා දැකීමක් බුකිය තුළ දැකගැනීමට පුළුවන්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 27 May 2017 18:37