April 19, 2024

සිරි ගුණසිංහයන්ගේ නික්ම යෑම

මහාචාර්ය සිරි ගුණසිංහ කැනඩාවේ වේලාවෙන් මැයි 25 උදෑසන අභාවප්‍රාප්ත වූ බව ප්‍රකාශයට පත් කෙරුණා.

කලක් කැනඩාවේ ජීවත් වූ සම්මානිත මහාචාර්යවරයා මියයන විට 97 වැනි වියේ පසු වුණා,

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයකු හැටියට සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කළ ඔහු කලක් එහි සිංහල අංශයේද දේශකයකු ලෙස කටයුතුකළ බව දැනගන්නට ලැබෙනවා..

සිය පළමු නවකතාව වූ 'හෙවනැල්ල' මගින් සමාජ සංවාදයක මාතෘකාවක් බවට පත් සිරි ගුණසිංහයෝ සිය පළමු නවකතාව ප්‍රකාශයට පත්කළ සැණින් ශ්‍රී ලංකාවේ මහා නවකතාකරුවන් කීපදෙනා අතර සිය නම රැඳවීමට සමත් වුණා.

1960 දශකයෙහි ඇතැම් විචාරකයන් විසින් සිරි ගුණසිංහ 'ශ්‍රී ලංකාවේ පංච මහා නවකතා කරුවන්ගෙන්' එක් නිර්මාණ කරුවකු හැටියට ලේඛනගත කරනු ලැබ තියනවා.

පසු කාලයේ සිය සිනමා ජීවිතය ආරම්භ කළ සිරි ගුණසිංහයන්ගේ සම්මානනීය එසේම එකම චිත්‍රපටය 'සත්සමුදුර' වන අතර  "සත්සමුදුර' සිංහල සිනමාවේ කඩයිමක් ලෙස සිනමා විචාරකයන් විසින් හඳුන්වා දී තියෙනවා.

සිරි ගුණසිංහයන් 'රන්වන් කරල්' නමින් කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කර ඇති බව ඔහුගේ ඉතිහාසගත වාර්තාවල දැක්වෙනවා.

 නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය තුළ රැඳී සිටින ඔහු 'අබිනික්මන' සහ 'මස් ලේ නැති ඇට' වැනි පද්‍ය සංග්‍රහ මගින්  හඳුන්වා දුන් නිදහස් පැදි ආර පසු කලයේ 'නිසඳැස්' කවියට පාර කැපීමක් වුණා.

සම්මානනීය ලේඛක ජී.බී.සේනානායක විසින් ආරම්භ කරන ලද නිසඳැස් පදය සම්ප්‍රදාය පසුකාලීන කවීන් අතට පත් වුනේ සිරි ගුනසිංහයන් අතින් තවත් පෝෂණය කරනු ලැබීමෙන්.

පසුකාලයේ ඔහු සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන වෑත්තාවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ටෙලි වෘත්තාන්තයක් බවට පත් කරණ ලද්දේ ද මොහු විදින් බව පැවසෙනවා.

Rate this item
(2 votes)