April 20, 2024

වැසිකිළියක වෙසෙන මානසික රෝගීන් තිදෙනෙකුගේ හද කම්පාවන පුවත

ලංකාවේ මානසික රෝගීන් පිලිබඳ අවධානය හරිම අඩුයි. හද කම්පාවෙන කතාවක් හබරාදුව පැත්තෙන් ආරංචි වෙනවා.

හබරාදුව රජයේ රෝහල පිරිමි සහ කාන්තා නේවාසික ප්‍රතිකාර සහ බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක්.

මානසික රෝගී කතක් හා මානසික රෝගී පුද්ගලයන් දෙදෙනකු වසර 8ක් තිස්සේ හබරාදුව රජයේ රෝහලේ වැසිකිළිකයකට දමා සිටින ශෝකජනක පුවතක් වාර්තාවෙනවා.

මොවුන් තිදෙනාට මේ වන විට කිසිදු ප්‍රතිකාරයක් නොකරන බවත් වාර්තාවෙනවා.

මීට වසර අටකට පමණ පෙර කරාපිටිය රෝහලේ සිට නේවාසික ප්‍රතිකාර ගැනීමට යොමු කර ඇති මේ පිරිමි රෝගීන් දෙදෙනා හා කාන්තාවගේ නම් ගම් පවා පැහැදිලිව රෝගීන් ලියාපදිංචි කරන ස්ථානයේ තිබිලා නැහැ.

එම රෝගීන් පිළිබඳ තොරතුරක් පැවැසීමට මේ රෝගීන් තිදෙනාට මතකයක් නැහැ.

ඔවුන් තිදෙනාම මානසික රෝගීන් වුවත් මානසික රෝගීන් සඳහා ලබා දෙනු ලබන ඖෂධ කිසිවක් හබරාදුව රජයේ රෝහලේ නොමැති බවත්, අඩුම තරමින් එම රෝගීන් තිදෙනා පරීක්ෂා කිරීම සඳහා මානසික වෛද්‍යවරයකුවත් හබරාදුව රජයේ රෝහලේ නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙක්  පැවසුවා.

"ගාල්ලේ ඇති මානසික රෝහලක් වන උණවටුන රෝහලෙන් මෙම රෝගීන් තිදෙනා භාර ගන්නේ නැහැ. අපි මේ අයගෙන් පිරිමි දෙදෙනාට උපාලි සහ ගම්පහ කියලා තමයි කතා කරන්නේ. ඒ මේ අයගේ ඇත්ත නම් ගම් නොවෙයි. ගැහැනු කෙනාට අපි සුමනාවති කියනවා. සුමනාවති මාතර ඉඳලා කරාපිටිය රෝහලට 2008 වර්ෂයේ ඇවිත් තියෙන්නේ. එයාගෙන් මේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න අනිත් රෝගීන්ට හිරිහැර සිදුවෙනවා. නමුත් අපිට යවන්න තැනක් නැහැ. මේ රෝගීන් බලන්න කිසිම කෙනකුගේ ගෙදරකින් එන්නෙ නැහැ. දැන් අවුරුදු 08ක් විතර මෙහෙම තමයි ඉන්නේ. කිසිම බෙහෙතක් මෙහෙන් දෙන්නේ නැහැ"

මෙවැනි රෝගී පුද්ගලයන් හට පිහිටක් සරණක් වියහැකි ආයතනයක් සිටී නම් මේ ඒ අයගේ අවධානය පිණිසයි.

Rate this item
(1 Vote)