April 23, 2024

රෝගී ජීවිතයක් බේරීමට තමාගේ ජීවිතය නොතැකූ වෛද්‍යවරයකුගේ සංවේදී කතාව

වෙදුන් දෙවියන්ට සමකරලා මිනිස්සු ඉස්සර කවි කතා හැදුවා, එවැනි මිනිසුන් දේවත්වයෙන් වන්දනාමාන කළා. අද වෙද්දී වෙදුන් මිනිසුන්ගේ තරහාකාර්යන් වෙලා, වෙලා නෙවෙයි කරලා... 

නුදුරු දිනයක අපිට හුණ හද කම්පාවන සංවේදී කතාවක්, වෛද්‍යවරයෙක් ගැන... එතුමා කරන ලද ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ගැන...

මැයි 22 දිනය සයිටම් වංචාවට එරෙහිව දිවයින පුරා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුන දවසක්. වෙනදා වගේම බාහිර රෝගී අංශයෙන් ඇතුලත, රෝහල තුළ සාමාන්‍ය ලෙස ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතුනා.

මේ අතරවාරයේ හදිසියේම සිය බඩවැල් ආශ්‍රිත අවහිරතාවක් සහිතව ඉතා අසාධ්‍ය තත්වයට පත් 22 හැවිරිදි තරුනයෙක් රෝහලට ඇතුලත් වනවා.ඔහුගේ රෝගය නිශ්චය කිරීමෙන් පසුව, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කල යුතු බවටද නිර්දේශ කෙරුණා.

අවාසනාවකට,ශල්‍යකර්මය සිදුකල යුතු විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතාත් එදිනම, පසුගිය දිනදෙකක් පුරාවට නේවාසික ප්‍රතිකාර ලද යුතු බඩවැල් ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

වම් අතේ කැනියුලාවක් ද සහිතව දින දෙකක් ප්‍රතිජීවක ඖෂධ ලබමින් සිටින ඔහු, සිය අධික වේදනාව,උණ සහ අපහසුතාවය අමතක කරමින්, රෝගියාගේ හදිසි ශල්‍යකර්මය සිදුකිරීමට ඉදිරිපත් වනවා. 

වෛද්‍ය කේ.එම්.හේරත්, නිර්වින්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ සහ වෛද්‍ය කුසලි කිරිවත්තුඩුව යන වෛද්‍යවරුන්ද ශල්‍යකර්මයට සහභාගී වෙනවා.

ශල්‍යකර්මයට අවශ්‍ය අත්වැසුම් යෙදීමට, තම අතේ තිබූ තමන්ට ඖශධ එන්නත් කරන කැනියුලාව පවා ඉවත්කරගන්නට සිදූවෙන අතර, ඒ සියලු අපහසුතාවයන්ට වඩා රෝගියාගේ ජීවිතය සහ ශල්‍යකර්මය සිය එකම අරමුණ ලෙස සිතා අදාල ශල්‍යකර්මය වෛද්‍ය කණ්ඩායම අතින් නියමිත පරිදි සිදුවනවා.

දෙහිඅත්තකණ්ඩිය වැනි ඉතා අඩු පහසුකම් සහිත රෝහලක දී සිදුකිරීමට අපහසු,ඉතා සංකීර්න හදිසි ශල්‍යකර්මයක් වන "EMERGENCY LAPAROTOMY " ශල්‍යකර්මයට භාජනය කර තරුණයාගේ ජීවිතය බේරාගැනීමට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සමත්වනවා.

මේ සදහා නිර්වින්දන කණඩායම , හෙද හා අනෙක් කාර්‍ය මන්ඩලයද යුහුසුලුව සහයෝගය ලබා දෙනවා.

ශල්‍යකර්මයෙන් පසුව, මේ වනවිට රෝගියා රෝහලේ ශල්‍ය වාට්ටුවේ සම්පූර්න නිරෝගී සුවය ලබමින් සිටිනවා.

මේ අතර විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා තවමත් සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙය තමයි වෛද්‍යවරයකුගේ සැබෑ භූමිකාව.... 

Rate this item
(3 votes)