April 20, 2024

මුරපදයකින් අමුත්තන් ඇතුල්කර ගත් බ්‍රිතාන්‍යයේ රාජකීය විවාහය

පිප්පා මිඩ්ල්ටන් කියන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලට නෑකම් කියන මේ දවස්වල මාධ්‍යවල වැඩිම අවධානය දිනාගෙන ඉන්න චරිතයක්... කව්ද මේ පිප්පා?

කේට් මිඩ්ල්ටන් කියන්නේ කේම්බ්‍රිජ් ආදිපාදවරයා වුනු විලියම්ගේ ආදරණීය බිරිඳ, ඇයගේ සහෝදරිය තමයි පිප්පා.

මේ ළඟදී ඇයගේ විවාහ උත්සවය යෙදිලා තිබුණා. එය රාජකීය විවාහ උත්සවයක් ම වුණා. නෑදෑයින්, යහළුවන් සියලුම පිරිස 150 ක් පමණ වන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇයගේ විවාහ උත්සවයේ ඇයගේ ඇඳුම පමණක් පවුම් අසූදාහක් ( 80,000 ) වෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි, පිප්පාගේ ඇඳුම මුතු, මැණික් ඔබ්බවන ලද්දක් බවයි දැනගන්න ලැබෙන්නේ.

ඇයගේ මනාලයා 41 වියැති ජේම්ස් මැතිව් මිලියනපතියෙක්. 

පල්ලියේ උත්සවයෙන් අනතුරුව මනාල යුවල කොළ පැහැති 1961 Jaguar E-Type sports  කාරයකින් තමයි තමන්ගේ මංගල උත්සවය තියන ස්ථානයට පිටත්වෙලා තියෙන්නේ.

ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වුනේ අලංකාර චෙරි ගස්වලින් යුක්ත වීදුරු මන්දිරයක, එයට ඇතුල් වීමට සෑම ආරාධිත අමුත්තෙක්ට ම මුර පදයක් හෙවත් රහස් පදයක් ලබා දී තිබෙනවා.

මෙම මංගල උත්සවය 2017 දී පැවැත්වුණු සුවිශේෂීම මංගල උත්සවලින් එකක් වනු ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

කේට් කුමරියගේ සහ විලියම් කුමරුගේ දරුවන් වන තුන් හැවිරිදි ජෝර්ජ් කුමරු මල් කුමාරයෙක් ( page boy ) ලෙසටත් , දෙහැවිරිදි චාලට් කුමරිය මල් කුමරියක් ( flower girl ) ලෙසටත් හද වී සිටිනු ඡායාරුප පෙලකින් පෙන්නා තිබුණා. 

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 May 2017 16:34