April 19, 2024

මෙලනියා ප්‍රසිද්ධියේ ට්‍රම්ප්ගේ අත අත් හරී ( VIDEO)

ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ පුද්ගලික ජීවිත ඇත්තටම ඔවුන්ට පුද්ගලික නැහැ. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ මාධ්‍යවලින් කිසිසේත් ම වසන් කරන්න බැරි චරිතයක්. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රථම නිල සංචාරයේ දෙවැනි අදියර වුණේ ඊශ්‍රායලයේ ටෙල්- අවිච් නුවර සංචාරය. එහිදී ඔහුට සිදු වූ අපූරු සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වීඩියෝවක සඳහන් වන පරිදි ඔහුගේ භාර්යාව Ben Guruniya ගුවන් තොටුපලේ රතු පලස උඩ ඔහුගේ අත ගසා දමනවා. ඔවුන් දෙදෙනා අතර කුමන ගැටුම් මතු වුව ද එය ලෝකයට පෙන්වීම සුදුසු නොවන බව සමහර මාධ්‍ය පවසන අතර, තවත් මාධ්‍ය පෙන්වා දෙන්නේ, එය සිදු වූයේ මක් නිසා ද යන්න ස්ථිර ලෙසම පැවසිය නොහැකි බවයි.

කෙසේ නමුත් මෙලනියා ඔහුගේ අත අල්ලාගෙන සිටින අවස්ථා ඉතාම විරල බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් ඔහු මැදපෙරදිගට සාමය ගේන්නේ , තම නිවසේ යුධමය තත්වයක් පවතිදදී දැයි මාධ්‍ය ප්‍රශ්න කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 May 2017 11:51