April 16, 2024

තාප්පයක් එක්ක යුග දිවියක් ගෙවූ අපූරු තරුණියක්

ආදරේ කියන්නේ මහ පුදුම මනෝභාවයක්. ආදරයක් උපදින්න, විඳින්න ලේ, ඇට, මස් නහර තියන හදවතක් තියෙන්න ඕන. එත් මේ කියන්න යන්නේ ලේ, ඇට, මස් නහර නැති පෙම්වතෙක්ව හොයාගනිපු කෙල්ලෙක් ගැන.

ඉතින් ඔබ කියාවි ඔබට දැන් ඉන්න පෙම්වතාටත් ඒ දේවල් නැහැ කියලා.... 

නැහැ.... මේ කියන්න යන්නේ තාප්පෙක්ට පෙම් බැඳි තරුණියක් ගැන.

ස්වීඩනයේ ලිඩන් නගරයේ ජීවත්වෙන එයියා රිට්ටාට මුලින්ම බර්ලින් තාප්පය දැකගන්න ලැබිලා තියෙන්නේ වයස අවරුදු හතේදී. එය දුටු මුල් මොහොතේ දීම ඇයට ඒ පිලිබඳ හිතක් පහල වෙලා. එදා ඉඳන් ඇය කළේ බර්ලින් තාප්පයේ ඡායාරූප එකතු කිරීම.

පස්සේ ඇය තමන්ගේ පෙම්වතා මුණගැහෙන්න හය වතාවක් බර්ලින් ගියා. ඇය ඒ හැම වතාවෙම ඔහු (තාප්පය) සමඟ ප්‍රේමයෙන් වෙළුන බවත්, නැවත පැමිණීමේ දී ඇය බොහෝ සේ දුක් වූ බවත් ඇය මාධ්‍ය සමඟ පවසා සිටියා.

පසුව හත්වෙනි වතාවේ ය ඔහු සමඟ විවාහ වුණා. ඒ 1979 ජුනි 17 වෙනිදා. එතැන් සිට ඇය තමාව හඳුන්වා දුන්නේ " එයියා රිට්ටා බර්ලීනා මෝවර් " විදියට.

බර්ලීනා මෝවර් කියන එකේ අදහස බර්ලීනා තාප්පය කියන එක. එය තමන්ගේ වාසගම විදියට ඈ භාවිතා කළා. ඇය ඒ පිලිබඳ මාධ්‍යයට අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි

" මේ මගේ සැමියා, එයාගේ නම බර්ලින් තාප්පය, ඔහු ඉපදුනේ 1961 අගෝස්තු 13 වෙනිදා. මං හිතන්නේ ඔබ අහලා ඇති ඔහු ගැන, මගේ සැමියාගේ රැකියාව තමයි නැගෙනහිර හා බටහිර බර්ලින් නගර බෙදා වෙන් කර ගෙන සිටීම".

ඇයට වතාවක් චීන ප්‍රාකාරය සමඟත් ආදරයක් ඇති වූ බව ඇය පවසා තිබෙනවා.

තාප්පයක් වෙන්න කලින් එය මනුස්සයෙක් වී සිටින්නට ඇති බව ඇය පවසනවා. 

මෙය ඔබ්ජෙක්ටොෆීලියා නම් රෝගී තත්වයක් බවත්, මෙය යම් වස්තුවකට තදින් ප්‍රේම කිරීමක් බවත් මනෝ විද්‍යාඥයන් පවසනවා.

වස්තුවකට මෙලෙස තදින් බැඳී සිටි එකම කාන්තාව එයියා නොවේ. 2007 දී ඇමරිකානු ජාතික කාන්තාවක් වන එරිකා ත් මෙලෙස අයිෆල් කුළුණ සමඟ පෙමින් බැඳී විවාහ වී ඇති අතර අගේ නමේ අගට අයිෆල් කියන නාමය එකතුකරගෙන තිබුණා.

එමෙන් ම එරිකා විසින් මෙලෙස වස්තූන් සමඟ සම්බන්දතා පවත්වන ය වෙනුවෙන් " OS International " නමින් සංවිධානයක් ද පිහිටුවා ඇති බව දැනගන්නට ලැබෙනවා.

Rate this item
(2 votes)