April 23, 2024

මධුසමය අතරතුර මනාලිය උස්සලා

කොච්චිකඩේ පැත්තේ හෝටලේක තම මනමාලිය සමග මංගල රාත්‍රිය ගත කිරීමේදී  මනාලයෙක්ට අත්දැකීමක් ලැබිලා...laughing

ඔහුගේ මංගල රාත්‍රියේ මනාලියගේ පාර්ශවයේ දහයක් පහළොවක් පමණ පිරිසක් පැමිණ ඔහුට පහර දී මනාලිය රැගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.

ඔවුන් රැගෙන ගොස් ඇත්තේ මනාලිය පමණක් නොවන අතර ඔහු සතු, මංගල මොහොතේ මනාලිය විසින් ඔහුට පළදවන ලද රුපියල් 40000 ක් වටිනා මුදුව, හෝටලයේ බිල ගෙවීමට ළඟ තබාගෙන සිටි රුපියල් 50000ක මුදල සහ ජංගම දුරකථනය ද රැගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.

ඔහු 25 හැවිරිදි වන අතර එම මනමාලිය 21 හැවිරිදි තරුණියක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් දෙදෙනා විවාහා වී ඇත්තේ මංගල යෝජනාවකින් බව පැවසෙනවා.

දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් ජයටම ගත් මගුල මංගල රාත්‍රියේදීම අවසන් වීම පිලිබඳ ඔහු කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන් වෙනවා.

සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් හඳුනාගෙන ඇති නමුත් ඔවුන් කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන ඇති බවක් සඳහන් වෙන්නේ නැහැ.

 

Rate this item
(3 votes)