April 20, 2024

කෑන්ස් (Cannes Film Festival) සිනමා උළෙල කැළඹු අපූරු ඇඳුම

කෑන්ස් සිනමා උළෙල කියන්නේ කවදත් සුවිශේෂී පුවත් මැවුම්කරුවෙක්... මේ වසරත් කෑන්ස් සමඟ බැදුණු තවත් සිදුවීමක් පිලිබඳ මධ්‍යයේ විශේෂ කතාබහක් යනවා.

Miri Regav කියන්නේ ඊශ්‍රායලයේ සංස්කෘතික ඇමතිනිය. මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිවශයෙන් ඇය පිලිබඳ කතාබහක් යනවා. අවරුදු 51ක් වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි සඳහන් වෙන්නේ.

ඇය මේ ළඟදි පැවැත්වුණු කෑන්ස් (Cannes Fim Festival) සිනමා උළෙලට සහභාගී වෙන්නේ අපූරු ඇඳුමක් එක්ක.

අගේ ඇඳුමේ යට කොටස හැඩ වී තිබුණේ ජෙරුසලමේ සිත්තමකින්.

ඒ පිලිබඳ බොහෝ ලෙස මාධ්‍යවල පුවත් පලවූ අතර බොහෝ විචාරකයින් මේ පිලිබඳ අදහස් දක්වා තිබුණා.

ඇය මෙම විශේෂ ඇඳුම පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මේ අවුරුද්දට ජෙරුසලම ලිබරල්කරණය වී වසර 50 ක් ගතවීමේ ප්‍රීතිය තමා සමරන්නේ මෙලෙස කලාව හා විලාසිතා යොදාගනිමින් බවයි.

නමුත් පලස්තීන මාධ්‍ය අමාත්‍ය මොහොමඩ් කලීෆා පවසන්නේ මෙය ඊශ්‍රායලයේ වර්ගවාදී කළු පැල්ලම ඉවත්කරගැනීමට කරන ලද උත්සාහයක් බවයි.

මෙම ඇඳුම නිර්මාණය කර ඇත්තේ ඊශ්‍රායල් නිර්මාණ ශිල්පියෙක් වන Aviad Arik Herman විසින් වන බව සඳහන් වෙනවා.

 

Rate this item
(2 votes)