April 19, 2024

ඇෆ්ගන් කාන්තාවන්ගේ රුපවාහිනී නාලිකාව

ඇෆ්ගනිස්තානය කියන්නේ කාන්තාවන්ට බොහොම නීති රීති වැඩි රටක්.. එරට කාන්තාවන් හට මීට කාලෙකට ඉහත මුලික අයිතිවාසිකම් පවා අහිමිව තිබුණා. මීට අවුරුදු දහයකට පමණ පෙර එරට දැරියන්ට පාසල් යාම පවා තහනම් වෙලා තිබුණා. මේ දිනවල ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින බවයි සඳහන් වෙන්නේ. ඔවුන් ඒ සඳහා අලිත්ම වැඩක් ආරම්භ කරලා. ඒනම් කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා වැඩසටහන් නිෂ්පාදනය කරන අලුතින් ආරම්භ වූ රූපවාහිනී නාලිකාවක් පිලිබඳ එරටින් වාර්තා වෙනවා. එය සාන් ටීවී ( Saan TV) ලෙස හැඳින්වෙන් අතර එම නාලිකාවේ සේවයේ නියුතු වැඩි දෙනා තරුණියන්. ඔවුන් අතරිනුත් වැඩි දෙනෙක් දැනටත් අධ්‍යාපනයේ නියුතු වූවන් වීම විශේෂත්වයක් ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නාලිකා පුරුෂාධිපත්‍යයට යටත් තත්වයක් පවතින අතර 'සාන්' රූපවාහිනිය එරට මාධ්‍යයට අලුත් අත්දැකීමක් වනු ඇති බවට බොහෝ විදෙස් මාධ්‍ය අදහස් දක්වනවා. මෙය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශේෂ වේදිකාවක් වනු ඇති බවත්, එරට කාන්තාවන්ට ඇති ස්ථානය ඒ මගින් යම් වෙනසකට ලක්වනු ඇති බවටත් විචාරකයන් මත පලකරනවා.
Rate this item
(1 Vote)