April 19, 2024

ශාහිඩ් ගේ බිරිඳට දඩ

මිරා රාජ්පුට්, ඉන්දියාවේ මේ දවස්වල කතාබහට ලක්වෙන චරිතයක්. ඇය ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් ගේ ආදරණීය බිරිඳ. ශාහිඩ් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වුණත් ඇය කැමැත්තක් දක්වන්නේ බොහොම නිදහසේ ජීවත්වෙන්න. ඒ වගේම ඇය කැමති නැහැ ප්‍රසිද්ධ වෙන්න. ඇය සැමවිටම කැමති නිහඬව ජීවත්වෙන්න. නමුත් පසුගිය දවසක ඇය කැමරා ඇසට හසු වුණා. එක අහඹු සිදුවීමක්. ඒ ඇය බන්ද්‍රා ප්‍රදේශයේ අවන්හලකට ගොඩ වැදී දහවල් ආහාරය ගෙන එමින් සිටියදී. මාධ්‍යවේදියාගේ අවධානයට ඇය ලක් වුයේ ඇය පොලිස් නිලධාරියෙක් විසින් නතරකරන ලද නිසාවෙන්. පොලිස් නිලධාරියා පැවසුවේ ඇය වරදක් කර ඇති බවයි. නමුත් ඇය දැන සිටියේ නැහැ ඇය වරදක් කර ඇති බව. රථ වාහන නැවත්වීමට තහනම් ස්ථානයක යයි ඇය තම වාහනයා නවතා තිබුනේ. ඇය එම වරද නිහතමානීව පිළිගෙන තිබුණා. ඇය ඉතාම නිහතමානීව එම වරද පිළිගෙන රුපියල් 2000 ක් ගෙවා ඇති බවයි සඳහන් වෙන්නේ. ඇය වැනි ප්‍රසිද්ධ නළුවකුගේ බිරිඳක් එලෙස වරද පිළිගැනීම විරල අවස්ථාවක් බව මාධ්‍යවල පළවෙනවා.
Rate this item
(2 votes)