April 24, 2024

සමලිංගික පෙම්වතුන්ට කසපහර

පශ්චාත් නූතනවාදී යුගයක  සමලිංගික සම්බන්ධකම් සාමාන්‍ය දෙයක්.

නමුත් අදටත් එම සම්බන්ධකම් සහ විවාහ බොහෝ රටවල නීතිගත වී නැහැ.

ඉන්දුනීසියාව වැනි රටවල එවැනි ක්‍රියා ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දෙනවා.

 මේ ළඟදී සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කරනවා.

විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී, සමලිංගික විරෝධී කණ්ඩායමක් විසින් අල්ලාගනු ලැබූ බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා වුණා. එවක් පටන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවෙනවා.

අචේ ප්‍රාන්තයේ ශරියා උසාවිය නිවේදනය කළේ මෙම චූදිතයන් ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

එම රටවල් ආගමික මුහුණුවරකින් තමන්ගේ නීති ක්‍රියාත්මක කරනු ලබනවා.

සමලිංගිකව එක්වූ බවට චෝදනා ලත් මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර අසූවක් ලබා දෙන ලෙස පැමිණිල්ලේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් වේවැල් පහර 85ක් ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. ශරියා නීතිය අනුව ලබා දිය හැකි උපරිම වේවැල් පහර ගණන වන්නේ සියයක්.

මීට පෙර වේවැල් පහර ලබාදී ඇත්තේ සූදුවේ යෙදීම සහ මත්පැන් පානය යන චෝදනාවලට වැරදිකරුවන් වූ අයට පමණයි.

 

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබෙනවා.

Rate this item
(1 Vote)