April 23, 2024

සිහසුන අත්හරින ජපන් අධිරාජ්‍යයා

මිනිස්සුන්ට බලය ලැබෙද්දී ඒ මිනිස්සු මැරෙනකම් ඒ බලය තමන් ලග සුරැකිව තබා ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා. බොහෝ රටවල්වල ජනාධිපතිවරුන් හට තමන්ගේ තනතුරේ ඉන්න කාලය දීර්ඝ කරා ගැනීමට මං සොයනවා. නමුත් ජපානයේ අකහිතෝ අධිරාජ්‍යයා දැන් බොහෝ කාලයක සිට තමන්ගේ තනතුරෙන් ඉවත් වීමට අවසර ඉල්ලනවා.

අකිහිතෝ අධිරාජයාට සිහසුන අතහැරීම සඳහා ඉඩකඩ ලබාදෙන විශේෂ පනතක් ජපන් ආණ්ඩුවේ බලධාරීහු අනුමත කරනවා. අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජයා පසුගිය වසරේ ප්‍රකාශ කර තිබුණේ තම රාජකාරි ඉටුකිරීම සඳහා තම වයස සහ සෞඛ්‍ය තත්වය බාධාවක් වී ඇති බවයි. නමුත් ඔහුට කිරුළ අතහැර දැමීම සඳහා ජපානයේ පවතින නීතිය අනුව අවසරයක් නැහැ. ඒ සඳහා අවසරය ලැබෙන පරිදි කෙටුම්පත්කර, කැබිනට් අනුමැතිය ලද නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වනු ඇති බවට විශ්වාස කරනවා.

කෙසේ වෙතත් මෙම නව පනත උපයෝගී කරගත හැක්කේ එක්වරක් පමණක් වන හෙයින් මීළඟට පත්වන අධිරාජයාට එය අදාළ වෙන එකක් නැහැ. 1817 වසරේදී කෝකාකු (kokaku) අධිරාජයාගෙන් පසුව, ජීවතුන් අතර සිටියදී ජපන් අධිරාජයෙකු සිහසුන අතහැර දමන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවීමට නියමිත යි. අකිහිතෝට කුමරුට 1989 දී සිහසුන හිමිවූයේ සිය පියාවන හිරෝහිතෝ අධිරාජයා මියයාමෙන් අනතුරුව. ඔහු පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය කරනු ලැබූ අතර පසුව පුරස්ථි ග්‍රන්ථියේ හට ගත් පිළිකාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා.

අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් පුතු පනස් හය හැවිරිදි නරුහිතෝ ඔටුන්න හිමි කුමාරයා වන අතර සිහසුනට උරුමකම් කීම අතින් සුදුසුකම් ලබන දෙවැන්නා වන්නේ නරුහිතෝගේ බාල සොයුරු අකිශිනෝ කුමරුයි. කෙසේ වෙතත් නරුහිතෝ කුමරුගේ පළමු දරුවා අයිකෝ කුමරිය සිය පියාගෙන් පසු ඔටුන්නට හිමිකම් කීමට සුදුසු නොවන්නේ ජපානයේ සංස්කෘතියට අනුව කාන්තාවකට රජ පදවිය හෙබවීම තහනම් වන බැවින්. එමෙන්ම සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමල් මිනිබිරිය වන මාකෝ කුමරියද සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කර ඇති බව පසුගිය දිනක වාර්තා වුණා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 20 May 2017 11:32