April 23, 2024

ජපන් කුමරිය ආදරය වෙනුවෙන් රජ සැප අත්හරී

ඈත ඉතිහාසයේ තමන්ගේ ආදරය වෙනුවෙන් තමන් සතු සියලුම දේ අත්හල මිනිසුන් පිලිබඳ ප්‍රවාද අප කොතෙකුත් අසා තිබෙනවා. නිදසුන් ලෙස ජාතක කතාවල එන පටාචාරා කුමරිය, ඉතිහාස පොත්වල සඳහන් වන සාලිය කුමරු, උන්මාද චිත්‍රා දේවිය වැනි ඇය ගත හැකිය. තමන් සතු සියලුම දේ අතහැර තමන්ගේ ආදරය වෙනුවෙන් ජීවිතය කැපකරන පුද්ගලයන් අද වනවිට සොයාගැනීමට අපහසුයි. නමුත් වර්තමාන සමාජයක රජ කුමරියකුත් ඇයගේ රජ සැප තම ආදරය වෙනුවෙන් අත් හරින්න සූදානම්. ජපන් රාජ කුමාරියක සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කරලා තියනවා. අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟ . දෙදෙනාම විසිපස් හැවිරිදියි. ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිය දී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී. ජපානයේ රාජකීය නීතියට අනුව රාජ කුමාරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ ගිවිස ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත්වීම අනිවාර්යයි. ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමාරියක විසින් සාමාන්‍ය වැසියෙකු විවාහ කරගනු ලැබුවේ 2005 වසරේදී. ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරිය විසින්. ටෝකියෝ නගර සභාවේ නාගරික සැලසුම්කරුවෙකු සමඟ විවාපත් ඇය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු බවට පත්වූ පළමු ජපන් රාජ කුමාරිකාව ලෙස ඉතිහාසගත වුණා. අනතුරුව එක් කාමරයක් පමණක් සහිත මහල් නිවාසයක පදිංචි වූ සයාකෝ කුමරියට මෝටර් රථ පැදවීම සහ වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් මුල සිට ඉගෙනීමට සිදුවී තිබෙනවා. සයාකෝ කුමරිය, අකිහිතෝ අධිරාජ්‍යයාගේ දරුවන් අතර සිටින එකම දියණිය. අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා ද තම රාජකාරිවලින් ඉවත්විය යුතු බවට පසුගිය අගෝස්තුවේ දී ඇඟවීමක් කර තිබුණා..
Rate this item
(3 votes)