April 25, 2024

කොළඹ සිට පැමිණි විනෝදකාමී දුම්රිය සයිටම් දක්වා පමණයි

 සයිටම් විරෝධය මේ දවස්වල හිඟන්නාගේ තුවාලේ වගේ. එක දවසක විසඳුමක් වෙන කාරණයක්ම තව දවසක ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් එද්දී තව ප්‍රශ්න ගොඩක  පැටලෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනුවෙන් රජයේ ෙෙවද්‍යය විද්‍යාලවල සිසුන්  තමන්ගේ සියලුම අද්‍යාපනික ක්‍රියාකාරකම්වලින් මිදිලා පුර්ණකාලිනව සයිටම් තහනම් කිරීම සඳහා වෙහෙසෙනවා. 

මේ සඳහා ඔවුන් විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මක කළා.  ඒ අතර සාමකාමී උද්ඝෝෂණ ත්‍රිත්වයක්  කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ සිදු කෙරුණා. වෙස් මුහුණු හා  පන්දම් අතින් ගත් සිසුන් කොළඹ ෙසෳන්දර්යය විශ්වවිද්‍යාල භුමියේ   සිට  කොටුව දුම්රිය ස්ථානය වෙත පා ගමනින් ගමන්කළා. එමෙන්ම No Saitm නමින්  බැනර් ඔසවාගෙන පාර දෙපස තවත් උද්ඝෝෂණයක් පසුගිය දිනක පැවැත්වුණා. 

එවැනි උද්ඝෝෂණවලට වඩා වෙනස් අලුත් ක්‍රමයක් මේ ලඟදි ඔවුන් භාවිතාකර තිබුණා. ඒ වීදි නාට්‍යයක්. ඔවුන් යොදාගෙන තිබුණු ප්‍රභල වචන කෙලින්ම සයිටම් විරෝධීතත්වයක් පෙන්නුම් කෙරුණා. කොටුව දුම්රිය ස්ථානය වැනි ජනාකීර්ණ ප්‍රදේශයක ඔවුන් පෙන්නුම්කරනු ලැබූ වීදි නාට්‍යයට බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව ආරංචි මාර්ග වලින් කියවෙනවා. 

පහතින් සඳහන් කරන්නේ ඔවුන් ඒ සඳහා කරන ලද නිර්මාණයේ වචන හරඹයයි.

" කොළඹ සිට පැමිණි විනෝදකාමී දුම්රිය සයිටම් දක්වා පමණයි. සයිටම් ප්‍රෝඩාවට මුලා වී පැමිණි සියලුම මගීන් වේදිකාවට ගොඩවෙන්න. සයිටම් දුම්රිය ස්ථානයේ ගැට කපන්නන්, සොරුන්, වෙඩික්කරුවන් , නිර්ලජ්ජිත දේශපාලුවන්, සොර වෙදුන්  බහුලව ගැවසෙන ස්ථානයක් බැවින් ඔබගේ වටිනා ජිවිත හා මුදල් පසුම්බිය ආරක්ෂා කරගැනීමට වගබලා ගන්න". 

Rate this item
(2 votes)
Last modified on Saturday, 29 April 2017 22:31