April 19, 2024

හිටපු ඇමති මහින්දානන්දගේ අලුත් මනමාලි දි.මු.ජයරත්නගේ දුව

දේශපාලන  ලෝකයේ  චරිත හැමදාම මැවුවේ අපූරු කතන්දර. එයාලගේ විවාහත් ඊට දෙවනි නැහැ. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අයෙත් විවාහ වෙලා.කාත් එක්කද? හිටපු අගමැති දි.මු.ජයරත්නගේ දුව සේනානි ජයරත්න එක්ක. එහෙමත් නැත්නම්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකගේ දික්කසාද බිරිඳ එක්ක. මේක හදිසි විවාහයක් නෙවෙයි. මොකද පසුගිය කලේ පුරාවටම ඒ දෙන්නගෙම ෆේස් බුක් ගිණුම්වල ඔවුන් ආදරවන්තයන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ හිටපු බිරිඳ විසින් ඔහුගෙන් මරණ තර්ජන ඇති බවට ප්‍රසිද්ධ මාධ්‍යයන් පවා දැනුවත්කලා. ඔහුට කලින් විවාහයෙන් දුවෙක් හා පුතෙක් ඉන්නවා.

මෙම විවාහ උත්සවය මහින්දානන්ද මහතාගේ රාජගිරියේ පිහිටි නිවසෙහි පැවැත්වෙන බව වාර්තා වෙනවා. මහින්දානන්ද හා සේනානිගේ විවාහයේ සාක්ෂි අත්සන් කළේ අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද මහතාගේ සහෝදරයෙක්. 

Rate this item
(3 votes)
Last modified on Friday, 28 April 2017 15:25