April 25, 2024

තාමත් මම උමාලිට ආදරෙයි - වෙන්වීම ගැන සාරංග මුල්වරට කථා කරයි

සාරංග උමාලිගේ සිද්ධියේ ඇත්ත නැත්ත අපි මීට පෙර ඔබට හෙළි කළා.. 

සම්පූර්ණ ලිපිය මෙතනින් : උමාලි සාරංග දීගය අහවරයි - සම්පූර්ණ කතාව මෙන්න

කොහොම උනත් එම සිද්ධියෙන් පසුව  මුල්ම වරට සාරංග දිසාසේකර පුවත් පත් සාකච්ඡාවකට අදහස් පළ කර තිබෙනවා. එම පුවත්පත් සාකච්ඡාව පහතින්.

සාරංග මොනවද මේ දවස්වල මෙල්බන්වල කරන්නේ?

මෙල්බන්වල ‘ටෙලිතරු රැයක්’ නමින් ප්‍රසංගයක් තිබුණා. ටෙලිනාට්‍ය රංගන ශිල්පි ශිල්පිනියන් සහභාගි වී ඔවුන්ගේ දක්ෂතා සහ මිත්‍රත්වය මෙල්බන් රසික රසිකාවියන් සමග බෙදාහදා ගත් ප්‍රසංගයක් ඒක. මමත් එම ප්‍රසංගයට සහභාගී වුණා.

මේ දිනවල ඔබ සහ ඔබගේ බිරිඳ උමාලි සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරී යන පුවත් අප්‍රමාණයි. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මම ඒ සම්බන්ධයෙන් දැනට කිසිම දෙයක් කියන්න සූදානමක් නැහැ. මොකද, නිසි කාලය ඉදිරියේදී එනවා මම එදාට කතා කරන්නම්.

ඔබත් උමාලිත් වෙන්වන්නට සියල්ල සූදානම් බවට කතාවක් පැතිරෙනවා. සුන්දර විවාහයක් ගතකරන අහිංසක පවුලක් විදිහටයි මුළු රටම ඔබ දෙපළ හඳුනාගෙන සිටියේ. මේවා පිටුපස තිබෙන බාහිර බලවේග මොනවාද?

ඒ බලවේග මොනවද කියලා නිවැරදිව හඳුනා නොගෙන කාටවත් චෝදනා කිරීම සාධාරණ නැහැ. නිසි කාලය පැමිණියාට පසු මගේ රසික රසිකාවියන්ට සහ මාධ්‍යයට සියල්ල හෙළිකරන්න පුළුවන් වෙයි. මේක ඊට සුදුසු කාලය නොවෙයි.

ඔබගේ බිරිඳ උමාලිට තවමත් ඔබ ආදරෙයිද?

ඔව්. මම එයාට ආදරෙයි.

උමාලිත් ඔබට ආදරෙයිද පෙර වාගේම?

උමාලිත් ආදරෙයි.

ඔබගේත් උමාලිගේ පවුල් ජීවිතය විනාශ කරන්න කාටවත් බැහැ නේද?

එහෙම කරන්න කාටවත් බැහැ. නමුත් කොයිකාගේ වුණත් පවුල් ජීවිත තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවනි. ඒවා දෙන්නා දෙමහල්ලෝ සාකච්ඡා කරලා විසඳාගන්න ඕන දේවල්නේ. මමත් උමාලිත් අනිත් අය වගේම සාමාන්‍ය පවුලක්. අපි අසාමාන්‍ය මිනිස්සු නොවෙයි. ඉතින් යම්, යම් ප්‍රශ්න පවුල්වල හටගත්තම ඔවුන්ගේ වැඩිහිටියන්වත් සම්බන්ධ කරගෙන ප්‍රශ්න විසඳාගන්න ඕනේ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ ඔබගේ සසලවීමක් දකින්න නැති බවයි මට පෙනෙන්නේ.

ඇයි මම සසල වෙන්නේ. මම බෞද්ධ දර්ශනය අනුව බුදු දහම අදහන පුද්ගලයෙක්. අටලෝ දහම ගැන මට යම් දැනීමක් තිබෙනවා. කොයිම දෙයකින්වත් මම හිස උදුම්වා ගන්නේ නැහැ. මම වැටෙන්නෙත් නැහැ. මාව වට්ටන්නත් බැහැ. අපිට කීර්ති, ප්‍රශංසා ලැබෙනකොට අනිත් පැත්තෙන් විසිවෙන ගල්, මුල් ගැනත් අවබෝධයෙන් ඉන්න ඕනේ. අපහාස, චෝදනා මොනතරම් මිනිසුන් පසුපස ලුහුබඳිනවද? මට ඒ ගැන නිසි අවබෝධයක් තිබෙනවා. කිසි වෙලාවක මම කලබල වෙන්නේ නැහැ. කාලයට ඉඩදී ඉතා පැහැදිලි තීරණ 

ලංකාවේ ‘ඕපදූප කලාවක්’ බිහිවෙලා ප්‍රසිද්ධ චරිත ඝාතන කරනවා යැයි සමහරු කියනවා. ඔබට ඒ ගැන තිබෙන අත්දැකීම් මොනවාද?

අපි ප්‍රතිචාර දක්වන විදිහට තමයි ‘ඕපදූප කලාවට’ අත්තටු ලැබෙන්නේ. ඒවා රසවිඳින පිරිසකුත් ඉන්නවනේ. ඒ රසඥතාව අපට වෙනස් කරන්න බැහැ.

ඒ ඒ පුද්ගලයන්ගේ සමාජ තත්ත්වයන් අපට වෙනස් කරන්නත් බැහැ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉතා සාර්ථක ආකාරයට ‘ඕපදූප කලාවෙන්’ මුදල් හම්බ කරගන්න පිරිසකුත් බිහිවෙලා ඇති. මට ඒ කිසිවක් අදාළ නැහැ. මම අවධානය යොමුකරන්නේ මගේ රාජකාරිය ගැනයි. මගේ වෘත්තීය කටයුතුවලට කිසිම බාධාවක් නොකර ගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමයි මගේ අරමුණ.

ඔබ කලකිරීමෙන්ද කතා කරන්නේ?

නැහැ.  ඕනෑම ඕපදූපයකට ආයුෂ තියෙන්නේ සතියයි. නැත්නම් සති දෙකයි. ඕපදූප හදන සහ රසවිඳින සියලු දෙනාට අලුත් ඕපදූපයක් සති දෙක අවසානයේදී ලැබෙනවා. පරණ කතා අමතක වෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් අපේ ජීවිත සමග ගැටගැසී නැහැ. ඒ අනුව බලනවිට බොහෝම සරල, සුන්‍ය අර්ථයක් නේද ‘ඕපදූප කලාවට’ තිබෙන්නේ.

ඔබගේත් උමාලිගේත් වෙන්වීම සම්බන්ධයෙන් ඔබ දෙපළට ඇලුම්කරන රසික රසිකාවියන් බොහෝ කලකිරීමෙන් පසුවන අවස්ථාවක් මේක. මොනවද ඔබට ඔවුන් වෙනුවෙන් පැවසීමට තිබෙන්නේ?

ඔබලාගේ පවුල්වල වාගේම දෙන්නා දෙමහල්ලෝ අතරේ හටගත් ප්‍රශ්නයක් විතරයි මේක. මේ ප්‍රශ්නය ඔබලාගේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මගේ පෞද්ගලිකත්වය සොයනවාට වඩා මගේ නිර්මාණ රසවිඳින, ඒවා විවේචනය කරන පිරිසක් බලන්න තමයි මම කැමැති. මගේ පෞද්ගලිකත්වය ගැන සොයනවාට වඩා මගේ නිර්මාණ සම්බන්ධයෙන් වද විඳින ප්‍රේක්ෂක පිරිසක් මට අවශ්‍යයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 18 March 2017 20:20