March 29, 2024

පින්නවල සිසුවෙක් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇඟිල්ල කඩලා

ගුරු – සිසු බැඳීම කියන්නේ ඕනෑම දියුණු සමාජයක තියෙන දෙයක්. 

සිසුන් හරිමඟ යවන්න සැර වැර කරන – පහරක් දෙකක් ගහන ගුරුවරු අපේ රටට නුහුරු දේකුත් නෙමෙයි.

කොහොම උනත් මේ බැදීම ශිෂ්‍යයෙක් විසින් කඩලා තියෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්ගේ ඇගිල්ලත් කඩලා දමලා.

පින්නවල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ ඇඟිල්ලක් තමයි මේ විදියට එම පාසලේ 13 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් කඩා දමලා තිබෙන්නේ.

එහිදී ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙනවා.

නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදුන් සිසුවා මීට පෙරද විනය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින 14 ක් පන්ති තහනම් කර සිටි අයෙකු බවත් වාර්තා වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 March 2017 14:58