April 24, 2024

චතුරගේ පරිචය ලබමින් පෙරපාසල් ළමුන් උද්ඝොෂණයක (VIDEO)

කන්තලේ, මොල්ලිපොතාන ප්‍රදේශයේ මව්පියන් සහ පෙරපාසල් ළමුන් අද උද්ඝෝෂණයක නිරත වුණා.

මොල්ලිපොතාන දැනට තිබෙන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් එම ප්‍රදේශයේ ගොවි සංවිධානයට අයත් එකක් බැවින් එම ස්ථානය ගොවි සංවිධානයට අවශ්‍ය බව පවසා ඉවත් වෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

වසර 9ක් පමණ එම ස්ථානයේ ඉගැන්වීමේ කටයුතු සිදුකළ බව ගුරුවරිය පවසයි. මේ වනවිට මේ ස්ථානයේ ළමයි 40ක් පමණ ඉගෙනුම ලබනවා.

මවිපියන් පවසන්නේ මෙම ළමුන්ගේ අධ්‍යාපනය සඳහා වෙනත් ඉඩක් හෝ ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසයි. තවද මෙම ස්ථානයට තඹලගමුව ප්‍රාදේශීය ලේකම් තුමිය පැමිණ සුදුසු ඉඩමක් ඉදිරියේදී ලබා දෙන බවට පවසා ඇත.

මීට පෙර පෙරපාසල් සමයේදී උද්ඝෝශනයක නිරත වූ චතුර සේනාරත්න මහතාගේ කණිෂ්ඨ ශිෂ්‍යනායකධුරය පවා අහිමිකරගත් බව පැවසූ අතර එම ප්‍රකාශය තුළින් ඔහු සමාජයේ කථාබහට ලක්වෙන පුද්ගලයෙක් වූවා.

Rate this item
(0 votes)