April 20, 2024

2017 Oscar උළෙලේදී ඉතිහාසගත වරදක් සිදු වූ හැටි (VIDEO)

February 28, 2017

ලෝ ප්‍ර‍කට මහා සිනමා සම්මාන මංගල්‍යය වන ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (26) පැවැත්වුණා. එහිදී මෙතෙක් ඔස්කාර් සම්මාන ඉතිහාසයේ සිදු නොවූ විශාල වරදක් සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ වෙනත් චිත්‍ර‍පටයක් හොඳම චිත්‍ර‍පටය ලෙස නිවේදනය කිරීම හේතුවෙන්.

මෙහිදී හොඳම චිත්‍ර‍පටය ලෙස නිවේදනය කෙරුනේ La La Land චිත්‍ර‍ටයයයි. එහෙත් සත්‍ය ලෙසම එම සම්මානය හිමිව තිබුණේ Moonlight චිත්‍ර‍පටයටය. සංවිධායකයින්හට වරද තේරෙන විට සම්මානලබා ගැනීමට La La Land චිත්‍ර‍පටය දායක වූවන් වේදිකාව මතට නැග හමාරය.

කෙස් වුවද බැරී ජෙන්කින්ග්ස් අධ්‍යක්ෂණය කළ Moonlight චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම සහය නඵවා හා හොඳම තිරරචනය යන සම්මාන තුන දිනාගැනීමට සමත් විය. 

හොඳම සහය නඵවා වූයේ මහෙර්ෂලා අලිය. එම අංශයෙන් ඇකඩමි සම්මානයක් හිමිකරගත් පළමු මුස්ලිම් ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වනවා. ඩොලර් මිලියන 1.5 වැය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 25.2ක ආදායමක් උපයා ගැනීමට සමත් තිබෙනවා. මුන්ලයිට් බ්ලාැක් බෝයිස් ලුක් බ්ලූ නම් ඇමෙරිකානු නාට්‍ය ඇසුරින් නිපදවන ලද මෙම චිත්‍රපටය තරුණයන් දෙදෙනකු වටා ගෙතුනකි.

La La Land ද සම්මාන උළෙලේ සම්මාන රැසකට හිමිකම් කියූ චිත්‍ර‍පටයක් වනවා.

La La Land චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්

Moonlight චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්
 
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 February 2017 08:00