March 29, 2024

අවුරුදු දෙකේ දරුවාට අරක්‌කු පොවලා

February 27, 2017

අවුරුදු 02 යි මාස 09 ක්‌ වයසැති ළදරුවකුට අරක්‌කු පෙව් බවට සැකකෙරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 

සැකකරු ඔක්‌කම්පිටිය පිංතාලිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.

මෙම සැකකරු දරුවාගේ නැන්දනියගේ නිවසට නිතර යනෙන අයකු බවත් එහිදී දරුවාට අරක්‌කු පොවා ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි. 

දරුවා ප්‍රතිකාර සඳහා ඔක්‌කම්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පෙරේදා 24 වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මොනරාගල පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ මත ඔක්‌කම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක බැසිල් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සිදු කෙරිණි.

 
Rate this item
(0 votes)