April 20, 2024

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු විසින් නූතන විද්‍යාව උඩු යටිකුරු කළ සොයාගැනීම මෙන්න

February 27, 2017

නූතන විද්‍යාවේ 'විප්ලවයක්' ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.

ලෝකය මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහල පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙක් පසුගියදා සමත්වූහ.

හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි.

"මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,"ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම විස්තර කළේ සතුටිනි. 

හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙයයි.

Image of a diamond anvil cell compressing molecular hydrogen

"මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා."

දියමන්ති යොදාගෙන හයිඩ්‍රජන් මවුලවලට ඉතා ඉහල පීඩනයක් ලබා දී හයිඩ්‍රජන් වායුවේ (H2) මවුල අතර පවතින පරතරය අඩුකර, එහි පරමාණු දෙක එකිනෙකින් වෙන්කර (H බවට පත්කර) එය ලෝහයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබුණි.

අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී.

"උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න."

Metallic hydrogen would give a rocket prodigious capability

විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය.

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතිදැයි කළ විමසීමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, එවැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය.

Smaller than the cross-section of a hair on your head: The tiny sample went from transparent, to black, to highly reflective as the pressure was increased. Becoming shiny and reflective is a sign the material has become a solid metal, the Harvard team claims

- බීබීසී සංදේශය -

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 11:23