April 19, 2024

වැරදි කරන රියැදුරන්ට වැඩ වරදී - දඩ වැඩිවන හැටි මෙන්න

රථවාහන පැදවීමේදී වැරදි කරන රියැදුරන්ට හැකිතරම් දඩ පත්‍රිකා නිකුත් කරන ලෙස මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් බණ්ඩාර තෙන්නකෝන් මහතා ‍පොලීසියට උපදෙස් ලබාදී තිබේ. 

විනයගරුක රියැදුරන් බිහිකිරීමටත්, අනතුරු අවමකර ගැනීමත් විසඳුමක් ලෙස එම උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

මංතීරු නීතිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමටද මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති අතර එහිදී යතුරු පැදිකරුවන්ට වාහන දෙකක් අතරින් ඇති ඉඩ ප්‍රමාණයෙන් ධාවනය කිරීම තහනම් වනු ඇත.

Rate this item
(6 votes)