March 29, 2024

ජනපති මෛත්‍රීගේ සොහොයුරුට ප්‍රධාන බස්‌නායක නිලමේ තනතුරක්  

පොසොන් පොහොය නිමිත්තෙන් තිස්‌සමහාරාම ඓතිහාසික රාජමහා විහාරස්‌ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන තිස්‌සමහාරාම පොසොන් මහා පූජෝත්සවය සහ රුහුණු පොසොන් මහා පෙරහැර මංගල්‍ය භාර තිස්‌සමහාරාම විෂ්ණු කතරගම දේවාලයන්හි ප්‍රධාන දේවාල බස්‌නායක නිලමේවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු කපිල ගාමිණී සිරිසේන මහතා පත් කර තිබේ.

තිස්‌ස සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩ පත්තුවේ සහ හම්බන්තොට පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහැර කමිටුව භාර නිලමේවරුන්ගේ ඒකමතික තීරණය මත මෙම පත්වීම සිදු කර තිබේ. 

ඒ අනුව ප්‍රධාන බස්‌නායක නිලමේ තනතුරට පත් කපිල ගාමිණී සිරිසේන මහතා ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් අතින් සන්නස්‌ පත්‍රය ප්‍රධානය කෙරිණි.

(ඡායාරූප - දිවයින)

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 April 2015 00:55