March 28, 2024

හයිඩ්‍රජන් බෝම්බ 100 ක ශක්තියකින් සුළි කුණාටුවක් - ලංකාවට බලපායිද? (VIDEO) 

ඉන්දීය සාගර කලාපය සුපිරි සුළි කුණාටුවල ප්‍රභවයක් වෙමින් පවතින බව ඉන්දියාවේ ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එස්.එස්.වී.එස්. රාමක්‍රීෂ්ණා පවසයි.

1999 වසරේ සිට කලාපය තුළ සුපිරි සුළි සුළං 8 ක් ජනනය වී ඇති බවත් එවැනි ප්‍රබල සුළි කුණාටුවක් හයිඩ්‍රජන් බෝම්බ 100 ක තරම් ශක්තියක් මුදාහරිනු ලබන බවත් හෙතෙම පෙන්වා දෙයි. 

මිහිතලය උණුසුම් වීමේ ආචරණය මුලින්ම අත්දකින්නේ ඉන්දීය සාගර කලාපය බවද මහාචාර්ය රාමක්‍රීෂ්ණා මහතා පැවසී ය.

මෙවැනි ප්‍රබල සුළි කුණාටුවල බලපෑම ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්.ආර්. ජයසේකර මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 April 2015 11:23