April 25, 2024

හිතාමතාම තිදෙනෙකු ලොරියෙන් යට කර මරා දමයි (VIDEO) 

පදියතලාව - කෙහෙල්උල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිගගොස් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකුට ජීවිතක්ෂයට පත් විය.

පසුගිය 13 වැනි දා රාත්‍රි 10.30ට පමණ මෙම ගැටුම හටගෙන ඇත. එක් පාර්ශවයක් ලොරියක නැගී එම ස්ථානයෙන් පිටත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේදී අනෙක් කණ්ඩායම යළි ඔවුන්ට පහරදීමට උත්සාහ කර ඇති බව පොලිසිය පැවසී ය.

එහිදී ලොරි රථය 03 දෙනෙකු යටකර පළාගොස් ඇති අතර එහිදී එකම පවුලේ 28 සහ 29 හැවිරිදි සොහොයුරන් දෙදෙනෙකු මියගොස් තිබේ.

තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)