March 29, 2024

කුඩා දරුවෙකුට අදහාගත නොහැකි තෑග්ගක් දුන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් (VIDEO)

වසර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය පසුගියදා යළිත් බිඳ වැටුණු අතර ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් පසුගිය 24 වැනි දා ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.

කෙසේවෙතත් ඔවුන් සංවේදී ක්‍රීඩකයින් ලෙස හැසිරී ඇත්තේ ක්‍රීඩාංගණය තුළදී පමණක් නොවේ. තමන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිනවීම සඳහා ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කාලය වැය කරනුයේ, අතිශය නිහතමානීව බව ඇතැම් සිද්ධීන් මගින් පෙනී යයි.

එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටි අතර එය දැනගත් Kieron Adamගේ වීරයින් වූ හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් පසුගිය ජනවාරි මාසයේදී එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.

සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය. මෙම නිහතමානී ක්‍රිකට් විරුවන් එදින Kieron සහ ඔහුගේ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගයකට ද එක්වීම විශේෂත්වයකි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)