April 18, 2024

ඇමතිකමක් ගත් පවිත්‍රා රනිල්ට චෝදනා කළ හැටි (video)

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක්‌ ඊයේ (22) පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
 
මේ අතරින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍ය ඉදිරියේ දරුණු ලෙස චෝදනා එල්ල කළ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියට ද පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි විය.
 
රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ පොහොර සංස්ථාව සතු නිල නිවාස 15 න් එක් නිවසක් නීත්‍යානුකූල නොවන අන්දමින් ඔහු සතු කර ගනිමින් ඉතිරි නිවාස සියල්ල ඩග්ලස් පීරිස්ට ලබා දී බටලන්ද වදකාගාරයේ දි තරුණයින් විශාල පිරිසක් ඝාතනය කළ බව මීට ඉහත දී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබුණි.
 
එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.
Rate this item
(0 votes)