April 20, 2024

ෆොන්සේකා මින් පසු ආචාර කරන්නේ 'ජනපතිට පමණයි' - ෆොන්සේකාට 'හිමිවන වරප්‍රසාද' මෙන්න 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (22) පත්විය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.

යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ඔහුගේ තත්ත්වය කැබිනට් ඇමැති තනතුර හා සමතැන් ගනී.

උත්සව අවස්ථාවන්හිදි ඔහු සෙන්ටි මීටර් 49.5 ක් දිගැති යෂ්ටිය වම් අතෙහි දරා සිටිනු ඇත. ෆීල්ඩ් මාෂල් තනතුරට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.

යුද නාවික හා ගුවන් හමුදා සම්මාන මුරයකින් පසු තරු 5 ගැසූ රියකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නික්ම ගියේය.

ෆීල්ඩ් මාෂල් ධුරයට පත් වන්නෙකුට තරු 5ක් හිමිවන අතර එම තැනැත්තා අදාළ ධුරයෙන් විශ්‍රාම නොයෑම විශේෂත්වයකි.

රටක ත්‍රිවිධ හමුදාවේ ලබාදෙන උසස් ම තනතුර ෆීල්ඩ් මාෂල් වන අතර එය සම්මානනීය යුධමය තනතුරකි.

සෑම ෆීල්ඩ් මාෂල්වරයෙකු ම අභිමානවත් යෂ්ටියක් වම් අතෙහි දරා සිටින අතර එම නිලයට අදාළව සුවිශේෂි වරප්‍රසාද රැසක් ද හිමි වේ.

සරත් ෆොන්සේක මහතාට මෙම උසස්වීම ලබා දී ඇත්තේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහ දියත් කරන ලද යුධ මෙහෙයුම් සඳහ ලබා දුන් සුවිශේෂී නායකත්වය හේතුවෙනි.

 

ෆීල්ඩ් මාෂල්?

ෆීල්ඩ් මාෂල් යනු ලෝකයේ යුධ හමුදාවන් හි ඇති ඉහලම නිලය වේ. මෙම තනතුර සාමාන්‍ය හමුද නිලධාරීන්ගේ තනතුරු වලට වඩා බෙහෙවින් උසස් තනතුරකි. ෆීල්ඩ් මාෂල් තනතුරු ප්‍රධානය කරන්නේ ලෝකයේ ඉතාමත් සීමිත පිරිසකට වන අතර එම නිලය දැරීම සඳහා අදාල පුද්ගලයා යුධ ශිල්පයෙහි අති දක්ෂයකු විය යුතු ය.

ෆීල්ඩ් මාෂල් තනතුරේ ඉතිහාසය අතීත යුරෝපීය මධ්‍යතන යුගය දක්වා දිව යන්නකි. ඉපැරණි ජර්මානු බසෙහි එන “මාච් සල්ක්” (Marh-scalc = "horse-servant") හෙවත් රාජකීය අශ්වයින් ගේ භාරකරු යන්නෙන් බිඳී ආ මෙම නාමය ඉපැරණි ජර්මේනියානු හමුදාවන් හි ඉහලම නිලය විය.

ඉතිහාසය පුරාවට බොහෝ රටවල ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කරනු ලැබ ඇත්තේ හමුදා ජෙනරාල්වරුන් වන අතර එවැනි උසස්වීමක් සඳහා යුධ ශිල්පයෙහි දැක්වූ අති දක්ෂතාවක් හා සුවිශේෂී යුධ ජයග්‍රහණයක් අත්‍යාවශ‍ය විය. කෙසේවෙතත් ලෝක යුධ සමයන් හිදී මෙම තනතුර හමුදා අණදෙන නිලධාරී තනතුරක් ලෙසද භාවිතා වී තිබේ.

ලෝකයේ විවිධ රටවල ෆීල්ඩ් මාෂල් ධූරයට සමාන තනතුරු පිරිනැමෙන අතර ස්පාඤ්ඤයේ එය mariscal de campo ලෙසත්, ප්‍රංශයේ maréchal de camp ලෙසත් බ්‍රසීලයේ හා පෘතුගාලයේ එය marechal de campo ලෙසත් හැඳින්වේ.

ෆීල්ඩ් මෂල් ධූරය සංකේතවත් කිරීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරනු ලබන්නේ යෂ්ටියකි. මෙම යෂ්ටිය උත්සව අවස්ථාවන්හි පමණක් භවිතා කෙරෙන අතර එය අලංකාරවත් ලෙස සරසනු ලබයි. කෙසේවෙතත් සෝවියට් සමයේ දී ෆීල්ඩ් මාෂල්වරුන් සඳහා රනින් කල තරුවක් පපුවේ පලඳවා තිබේ.

ෆීල්ඩ් මාෂල් තනතුර යුධ හමුදාවට පමණක් ආවේණික තනතුරක් නොවේ. ගුවන් හමුදාවේ මෙම ධූරය Marshal of the air force ( ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්) ලෙසත් නාවික හමුදවේ එය "Grand admiral" (ග්‍රෑන්ඩ් අද්මිරාල්) ලෙසත් හැඳින්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 March 2015 10:32